විපක්ෂයෙන්  එන ගාණ හරියටම  දන්නේ නැහැ – අමරවීර

317

ඔය කතා  පට්ටපල් බොරු – අජිත් පී. පෙරේරා

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක්වී රාජ්‍ය ඇමැතිවරුන් ලෙස දිවුරුම් දෙන බවට මේ දිනවල ආණ්ඩු පාර්ශ්වයේ මැති ඇමැතිවරු අතර කතා බහක් කරගෙන යන බව දැන ගැනීමට ලැබුණි.

මෙම කතාබහ පිළිබඳව මහින්ද අමරවීර මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ, විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එක්වෙන බවට කතාවක් තදින් පැතිරී තිබෙන බවයි.

මෙම පිරිස කොපමණදැයි කියා තමාට ස්ථිර වශයෙන් සඳහන් කිරීමට නොහැකි යැයිද හෙතෙම පැවසීය.

සමගි ජනබලවේගයේ හිටපු ඇමැති අජිත් පී. පෙරේරා මහතා කීවේ ඔය කතාබහ කාලයක් තිස්සේ පැතිරී තිබෙන බවය.

විස්සක් එනවා පහළොවක් එනවා කියමින් මෙම කතා මෙසේ ප්‍රසිද්ධ කරලා. එම ප්‍රචාරය පට්ටපල් බොරු යයිද හෙතෙම කීවේය.

නෝමන් පලිහවඩන
 

advertistmentadvertistment
advertistmentadvertistment