දරු දෙදෙනාට මත් පෙති පොවා හිඟමනේ ගෙනිහින්… කාන්තාවෝ දෙදෙනෙක් අත්අඩංගුවට!

373

කුඩා දරුවන් දෙදෙනකුට මත්පෙති පොවා නිදිකර වඩාගෙන සිඟමනේ යෙදුණු කාන්තාවන් දෙදෙනකු බොරැල්ල පොලිසිය මගින් ඊයේ (13දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දරුවන් දෙදෙනා අසනීපයෙන් පසු වෙන බව කියා ඔවුන්ට අවශ්‍ය බෙහෙත් හේත් ගැනීමට විශාල මුදලක් වැයවෙන බව කියමින් මෙම කාන්තාවන් දෙදෙනා මෙසේ සිඟමනේ යද්දී බොරැල්ල ආයුර්වේදය අසල දී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

නෝමන් පලිහවඩන, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment