SLT- MOBITEL වෙතින් තවත් ග‍්‍රාමීය පාසලකට බස් පුස්තකාලයක්

162

ශ‍්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT- MOBITEL  මෙරට ග‍්‍රාමීය පාසල්වලට දැනුම හා තොරතුරු සමීප කරවීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන්, මහව බොරවැව මහා විද්‍යාලය වෙත නවතම බස් පුස්තකාලයක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේය.

 ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත්, භාවිතයෙන් ඉවත් කරන ලද බස් රථ පූර්ණ පහසුකම් සහිත පුස්තකාල බවට පත්කිරීමේ ආයතනික ප‍්‍රජා සත්කාර ව්‍යාපෘතිය යටතේ මෙය සිදුකරන ලදී. මනුසත් දෙරණ වැඩසටහන, ශ‍්‍රී ලංකා ජාතික පුස්තකාලය සහ ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමග එක්ව මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරනු ලැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment