කොළඹ සිටිලීග් අවසන් මහා තරගයට

69

සිටිලීග් සභාපති කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් වටයේ පළමු තරගයෙන් ජයග්‍රහණය කළ කොළඹ පාපන්දු සමාජය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

කොළඹ පාපන්දු සමාජය හා ජාවාලේන් අතර තරගයෙන් කොළඹ පාපන්දු සමාජය ගෝල් 3-1ක ජයක් ලැබූ අතර, මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය හා මාලිගාවත්ත යූත් පිල අතර තරගයෙන් දඬුවම් පහර 4-3ක් ලෙස මාලිගාවත්ත යූත් පිල ජයග්‍රහණය ලැබීය.

මේ අනුව ජාවාලේන් හා මාලිගාවත්ත යූත් අතර ලබන 30 දා (ඉරිදා) පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම කොළඹ පිල සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී. එම අවසන් මහා තරගය ලබන මස 6 වැනිදා පස්වරු 3.30ට සිටිලීග් පිටියේදී පැවැත්වීමට නියමිතය.

6 වැනි වරට පැවැත්වෙන සිටිලීග් සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට රු. 150,000ක් හා අනුශූරයන්ට රු. 100,000ක් පිරිනැමෙන අතර සෑම තරගයකම දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ට තෑගි පිරිනැමීමට කටයුතු යොදා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment