13 සංශෝධනය ගැන ජනපති සර්ව පාක්ෂික සමුළුවේදී කියයි

424

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පිළිබඳව සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කර තීන්දුවක් ගැනීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවති සර්වපාක්ෂික සමුළුව අමතමිනි පැවසීය. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද සවස ආරම්භ වූ මෙම සර්ව පාක්ෂික සමුළුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය. පළාත් සභා නවයෙන් හතක්ම තිබෙන්නේ සිංහල ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශ වලය.එබැවින් පළාත් සභා ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා කරන්නේ නම් මේ වන විට ලබා ඇති අත්දැකීම් අනුව එහි අඩුපාඩු සකස් කළ යුතුය.එසේම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවේ. එය සමස්ත රටටම බලපාන කරුණක් බැවින් සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කිරීම තම ස්ථාවරයයි. මෙම සර්ව පාක්ෂික සමුළුවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු සහ ආණ්ඩු පක්ෂය, විපක්ෂය නියෝජනය කරන පක්ෂ සියල්ලෙහිම නායකයෝ සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment