යක්‍ෂ භූත අනවින කොඩිවින පලවාහරින දස දිසා පිරිත

393

බුදුරජාණනන් වහන්සේ රෝගී වූ අවස්ථාවක චුල්ල මහරහතන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේගේ නිරෝගී බව උදෙසා දේශනා කරන ලද්දකි. ධම්මෝෂධ සමන්නත්ථ හෙවත් ධර්මය ඖෂධයක් කර ගන්න යන බුදු වදන පාදක කර ගනිමින් බුදුවරු දහනමක් දිශානුගතකොට ඒ සියලු රෝග භය දුරුවී සහනයෙන් ජීවත්වන්නට ලැබේවායි යන සිතුවිල්ලෙන් උදේ සවස, තම නිවසේදී මෙම පිරිත භාවිතයෙන් බලාපොරොත්තු වන්නා වූ සහනය තමා වෙත ළඟාවන බව අත්දැකීමෙන් පැවසිය හැකි සත්‍යයකි.

මෙම පිරිතෙන් තැඹිලි ගෙඩියක් පිරිත්කර ගැබිනි මවකට පානය කිරීමට සැලැස්වීමෙන් සැත්කම් මගින් සිදුවීමට නියමිතව තිබූ දරු උපත් ස්වභාවික ආකාරයෙන් සිදුවීමේ හැකියාව පවතින අතර මළ දරුවකු වුවත් ප්‍රසූතවීම සිදු වෙනවා. ශරීරයේ

හටගන්නා ඕනෑම රෝග බාධකයකට මෙයින් සහනය සලසා ගත හැකි අතර ඉනා බෙහෙත් කැවුණු අයගේ ශරීරයෙන් ඒවා ඉවත්කිරීමට හැකියාව පවතිනවා. නඩු හබවලින් අවාසි සහගත තීන්දු ලැබීමට යන අවස්ථාවල මෙම පිරිතෙන් ජය අත්කර ගත හැකි නඩු නිමිත්ත සාධාරණ එකක් විය යුතුය. කුඩා දරුවන්ගේ බාලගිරි දෝෂයට මෙයින් පිරිත්කර

ගන්නා ලද තැඹිලි තෙල්වලින් ගුණ ලැබිය හැකි අතර සර්පයන්ගෙන් වන හානි මෙම පිරිත භාවිතයෙන් මඟ හැරේ.

දස දිසා පිරිතෙන් පිරිත් කරන ලද තෙල් නිවසේ අට කොණ එල්ලීමෙන් අමුනුෂ්‍ය දෝෂ ඉවත්වී නිවැසියන්ගේ දියුණුව උදා වන්නේය. මෙම බලසම්පන්න පිරිතේ ආනිශංස බලාපොරොත්තු වන ජන්මීන් මූලික වශයෙන් උදේ සවස මල් පහන් පූජා කර බුදුන් වැඳ ආගමානුකූල විය යුතු අතර පිරිත පිළිබඳ සිත තුළ විශ්වාසයක් ගොඩනඟා ගත යුතුය. එසේ ගොඩනගාගන්නා ලද විශ්වාසය ඔබගේ සියලු උපද්‍රව නසන ශක්තියක් බවට පත්වීමෙන් ඔබේ සියලු යහපත් බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉෂ්ට වන්නේය.

දස දිසා පිරිත සහ තේරුම
දිසාසු දස භාගේසු
ඨීතාබුද්ධානු භාවතෝ
වේරාදී අන්තරායා පී
විනස්සන්තු අසේසතො

දස දිසාවේ සිටියා වූ බුදුරදුන්ගේ ආනුභාවයෙන් වෛරයෝද අනතුරුද ඉතිරි නැතිව විනාශ වෙත්වා!

ඒව මාදි ගුණෝපේතං
පරිත්තං තං භණාමහේ

මේ ආදී ගුණවලින් පිරි පිරිතක් කියනු ලැබේ.

පදුමුත්තරෝ පුරස්ථි මායං
අග්ගිමහිවේ ච සෝභිතෝ
දක්ඛිණෝ කස්සපෝ බුද්ධෝ
නිරිතේය සුමංගලෝ

උතුම් වූ පදුම බුදුරජාණන් වහන්සේ නැඟෙනහිර දිසාවෙන්ද, ගිණිකොණ දිසාවෙන්ද, රේවත බුදුරජාණන් වහන්සේද, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දකුණු දිශාවෙන්ද, මංගල බුදුරජාණන් වහන්සේ නිරිත දිශාවෙන්ද වැඩ සිටිත්.

පච්චිමේච සිඛී බුද්ධෝ
වායව්‍යා මේධංකරෝ
උත්තරෝ පියදස්සීච
ඊශානේ දීපංකරෝ

බටහිර දිසාවෙහි ශිඛි බුදුරජාණන් වහන්සේ ද වයඹ දිසාවෙන් මේධංකර බුදුරජාණන් වහන්සේ ද උතුරු දිශාවෙහි පියදස්සී බුදුරජාණන් වහන්සේ ්ද ඊශාන දිසාවෙහි දීපංකර බුදුරජාණන් වහන්සේද වැඩ සිටිත්.

පඨවි්‍යා කකුසන්ධෝ ච
ආකාසේ සරණංකරෝ
ඒවං දස දිසාවේච
සබ්බෝ බුද්ධා පතිට්ඨිතා

පොළොවෙහි කකුසඳ බුදුරජාණන් වහන්සේද අහසෙහි සරණංකර බුදුරජාණන් වහන්සේද වැඩ සිටිත්.

අච්චන්තරායා සබ්බේ මේ
ශෝක රෝග භයාපීච
විනස්සන්තු සදා මයිහං
සබ්බිරියාපථෙසුච
යක්ඛාදිදේවතාභී ච
රාජ චෞරාරි අග්ගිහී
අමුනුස්සේ හි සබ්බේ හි
තිරච්ඡාන ගතේහි ච
ජාතා උපද්දවා සබ්බේ
විනස්සන්තු අසේසතෝ

ඒ සියලු බුදුවරුන්ගේ ආනුභාවයෙන් සියලු අනතුරුද සියලු ශෝක රෝග භය ආදියද විනාශ වේවා.! සියලු ඉරියව් පැවැත්මෙන් ඇතිවන උවදුරුද යක්ෂ, දේව රාජ, සොර, සතුරු ගිනි ආදියෙන් ඇතිවන උවදුරුද විනාශ වේවා! හැමදාම ඔබට ඒ උවදුරුවලින් තොරව ජීවත්වන්නට වාසනාව ලැබේවා! සියලු අමුනුෂ්‍යයන්ගෙන් හා තිරිසන් සත්ත්වයන්ගෙන් ඇතිවනාවූ සියලු උපද්‍රවයෝ ඉතිරි නැතිව විනාශ වෙත්වා!

සිරස්මිං තෙ බුද්ධ සෙට්ඨෝ
සාරිපුත්තෝ ච දක්ඛිණෙ
වාමංසෙ මොග්ගල්ලානෝ තෙ
පුරතෝ පිටකත්තයං
පච්ඡිමෙ තව ආනන්දෝ
චතුද්දිසා ඛීණාසවා
සමන්තා ලෝකපාලා ව
ඉන්ද්‍ර දේවෝ ච බ්‍රහ්මා ච

සිරසෙහි හෙවත් මුදුනෙහි (හිසෙයි) ඒ උතුම් ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේය. දකුණත සැරියුත් මහ රහතන් වහන්සේය. වමතෙහි මුගලන් මහ රහතන් වහන්සේය. ඉදිරියෙහි ත්‍රිපිටිකයය. පසුපස ආනන්ද තෙරුන් වහන්සේය. සතර දිසාවේම රහතන් වහන්සේය.

හැම අතින්ම ලෝක පාලක ඉන්ද්‍ර දෙවියා හා බ්‍රහ්මයාය.

ඒතේසං ආනුභාවේන
සම්පද්ද වුපද්දවා
අනේකා අන්තරායාපී
විනස්සන්තු අසේසතෝ

මේ සියල්ලන්ගේම ආනුභාවයෙන් සියලු උපද්‍රවයෝ ඉතිරි නැතිව විනාශ වෙත්වා!

යක්‍ෂ භූත අනවින කොඩිවින පලවාහරින දස දිසා පිරිත

ජ්‍යෙතිෂවේදී – රන්ජන් සිසිර කුමාර
සටහන – ධම්මික හේවාවසම්

advertistmentadvertistment
advertistmentadvertistment