විදේශ ඇමැතිගෙන් කැනඩා මහ කොමසාරිස්ට හදිසි කැදවීමක්

754

කැනේඩියානු මහා කොමසාරිස් එරික් වොල්ෂ් ව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා තිබේ.ඒ, කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ජන සංහාරයක් පිළිබඳව ශ්‍රී ලංකාවට සිදු කළ චෝදනා සම්බන්ධව කරුණු විමසීම සඳහා ය.එහිදී විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ මැයි 18 වනදා නිකුත් කළ ප්‍රකාශය මුළුමනින්ම හෙළා දැක ප්‍රතික්ෂේප කර තිබේ.දේශපාලන නැඹුරුවක් සහිත මෙම ප්‍රකාශය මතභේදාත්මක ප්‍රකාශයක් බවත්, එය කැනඩාවේ අභ්‍යන්තර දේශපාලන අවශ්‍යතා සඳහා නිකුත් කළ එකක් බවත් අමාත්‍ය සබ්රි මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment