උදයදේවී පීලි පැන 17කට තුවාල

184

ගල්ඔය සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වන උදයදේවී දුම්රිය කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේදී පීලි පැනීමකට ලක්වීමෙන් සිදුවූ අනතුරින් දුම්රිය නියාමකයින් දෙදෙනෙකු ඇතුළු 17ක් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
මෙහිදී දුම්රිය මැදිරි ත්‍රිත්වයක් පීලි පැනීමට ලක්වී ඇත.

නියාමක මැදිරිය පෙරළී යාමෙන් එහි සිටි නියාමකවරයා සහ සහයක නියාමකවරයා තුවාල ලබා තිබේ.
තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා කන්තලේ රෝහල වෙත රැගෙනයෑමට පියවර ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment