අණවින කොඩිවින දුරලන සත වෙත සුවසෙත සලසන – “කට්ටු මන්දිරම හා දිව්‍යමය සත්ප්‍රසාදය”

108

ලෝකවාසී සියලු සත්ත්වයන්ට නිදුක් නීරෝගී ප්‍රීතිමත් නත්තල් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරමින් සියලු ආරක්‍ෂාව සලසන අත්දුටු කතෝලික දැහැන් දෙකක් නත්තල් දින තෑග්ගක් ලෙස මෙලෙස තිළිණ කරමි.

මහත්ඵල ආනිශංස ගෙනදෙන ‘කට්ටු මන්දිරම’

“ආමේන්, මාගේ සිරස සහ බෙල්ල ද උගුර ද පිතා – පුත්‍රයා ස්පීතු සාන්තු තුන්දෙනා වහන්සේලා රැකවලයි. මාගේ දකුණු උරය ගාබි්‍රයෙල් අල්කාන්ජුසු රැකවලයි. මාගේ වම් උරය රපියෙල් අල්කාන්ජුසු රැකවලයි. මාගේ තුනටිය ද්වී ශාන්තු ශීෂ්වරු රැකවලයි.

මාගේ පෙකණිය ක්‍රිස්තු ස්වාමි දරුවන්ගේ ගෝලයෝ හැත්තෑපස් දෙනා රැකවලයි. මාගේ දුකි යුග්ම එකොළොස්දහස් කන්‍යා ස්ත්‍රීවරු රැකවලයි. මාගේ කෙණ්ඩා සහ පිටිපතුල් සහ යටිපතුල් සියලු මෝක්ෂවාදීවරු රැකවලයි. යනාදි පිතා වන දෙවියන් වහන්සේව රැකවලට තබා ගත්තෙමි.

දස ඒක මණ්ඩල ශිඛරයේ වැඩ සිටින ස්ප්‍රින්තු සාන්තු දෙවියන් නාමයෙන් උදය දිග උතුරු දිග දකුණු දිග අවරදිග තිර පාතාල පොළොව අඛණ්ඩ සර්පයන් ද සොළොස් දිගින් එන සියල්ලම දුරු කළෙමි. ඇත් – වලස් – සිංහ – ව්‍යාඝ්‍ර කුණ්ඩා කර මිරිච්චු මච්චික බැන්දෙමි. අංගම් පිල්ලි සූනියම් බැහැ තිබුන් වැලුම් වැල් පැන්නුම් ඉරි පැන්නුම් සියලුම බරි කාමරන්ධ භය භාජනව දුවන්ඩ දුවන්ඩ බැන්දෙමි. එළව එළවා බැන්දෙමි. පර මණ්ඩල සුර රජ්ජුරුවන්ගේ විශ්වාසය පිරිවරුත් එක්ක යුද්ධ කර පැරදිණි යක්ෂයෝ ද, යක්ෂණියෝ ද, භූතයෝ ද, ප්‍රේතයෝ ද ඇති ඇතී කෙටි කෙටී බිඳි බිදී පිපිරි පිපිරී දැවි දැවී යංඩ බැන්දෙමි.

අපේ ස්වාමි වූ ජේසු ක්‍රිස්තුස් වහන්සේ වද විඳීමට තැළුන් කැපුන් දහස් හාරසිය වන කැළැල් පහෙන් බැන්දෙමි. වේද ආන්ජුස්වරුන්ගේ අතේ ශ්‍රී කැළැල්වලින් බැන්දෙමි. වේද සාක්‍ෂිවරුන්ගේ ලේ බලයෙන් බැන්දෙමි. වන්දනාවාදීන්ගේ ධර්ම වන බලයෙන් බැන්දෙමි.

මේ බන්ධන අණ බන්ධන වින බන්ධන ගුරු බන්ධන හෝ බිදෙන්ඩ කට්ටු උමන් කට්ටු මොහුට මට ලෝකවාසී සත්ත්වයන්ට භූත අභූත භයවල් නොවේවා. සියලු රෝගෝපයන් දුරුවේවා. මටත් සකල අපා දෙපා සත්ත්වයන්ටත් මාගේ ස්වාමි වූ ජේසු ක්‍රිස්තුස් ඔබ වහන්සේගේ පිහිටාරක්‍ෂා ආනුභාවෙන් පිහිට සහාය ලැබේවා. ආමෙන් ජේසු”

සර්වාරක්‍ෂාවට, දියුණුවට, සියලු සුබවාදී යහපත් කර්මයන්ට 108, 1008 වර ජපාසනයක තැබූ රං තැඹිලි තෙලට මතුරා පැළඳගැනීමට හෝ ඇඟෙහි ගා ගැනීම ද කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිය. මන්ද ජේසු

සමිඳානන් ද සම්බුදු පියාණන් තරම් කාරුණික බැව් චරිතාපදාන විමසීමේදී පෙනේ. බුදුන් වහන්සේ කිව්වේ දේශනා කළේ ‘නහී වේරේන වේරානී’ කියාය. ඒ වගේ ජේසු සමිඳානන් ද දේශනා කළේ කිව්වේ අසල්වැසියාට ප්‍රේම කරන ලෙසයි. එතකොට මිනිස්සු අතර ගැටුම් අඩුයි. කාකොට ගැනීම් අඩුයි. මරාගැනීම් අඩුයි. උන්වහන්සේලා ඒවා දේශනා කළේ මීට වසර දහස් ගණනකටත් පෙරාතුවය. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැත. අසල්වැසියාටත් ප්‍රේම කරන්න. මෙන්න මේ දෙකයි උන්වහන්සේලාගේ දහමෙහි හරය. මෙහෙම වුණාම මිනිහෙක් තව මිනිහකුට හදි හූනියම්, අණවින කොඩිවින කරන්නේ නැහැ. හිතන්නේ නැහැ. නබි නායකතුමන් දේශනා කළේ එහෙමයි. ඕනෑම ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයෙක්ගේම දහමෙහි හරය මෙයයි. ‘හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී’ යහපත්ව හිටියොත් තමයි අදෘශ්‍යමාන බලවේගවලින් ආරක්‍ෂා වෙන්නේ. මළ ප්‍රේතයෝ වැන්නවුන් කිරි කළ දහසකින් දෙවියන්ගේ ප්‍රතිමා නෑව්වද, හිතකර වාසනාව ගෙනදෙන සෞම්‍ය කිරණ කා නොවදී.

‘දිව්‍ය සත්ප්‍රසාදය’

‘කාතේ මාතේ අතේ හිතේ රුහම් කහීම් මා බැඳගතිං

මනිම වස්වා සිල් ගන්නා සිල් ලදි සූ වස් වස් විදුරිං

විදුරිං නාසි මිකාල් ජිංන නංති

ආමිං ආමිං අලිතේ පානක් පාකු මානා මානා පානුලෝබි ආ යේසු ස්වා

පාදේ යේසු පාදේ ඉංමේ සියලු මිනිස් මට ලෝබි යේසුස්වා

පාදේ යේසු පාදේ යේස් ඉන් මට මේ සියල් මිනිස් ලෝබි යේසු ස්වා

යේසු පාදේ සුලේමානු නබක් බලනේ සක්මල ඉසුරනී ලෝබි යේසු ස්වා

සව්පද යේසු ඉං මේ සියල් මිනිස් මට ලෝබි යේසු ස්වා

යේසු පාදේ ඊසානේ පානක් මරිය බුහේ

පානක් පානු ලොබි යේස් සව්පද යේසු ඉං මේ

සියලු මිනිස් මට ලෝබි යේසු ස්වා

පා දේ යේසු පා දේ”

මන්ත්‍රය භාවිතා කරන ක්‍රමය

ජපාසනයක කුරුස සලකුණ සහිත සියතින් මැසූ ලේන්සුවක් තබා 1008 වර ජප කර ළඟ තබාගනු. නිතර අන් අයට තමන්ට ඇවැසි කෙනාට දර්ශනය කරවීමෙන් තමන්ට වසඟ වේ. ප්‍රබල වශ්‍යකාරක අත්දුටු මන්ත්‍ර ගුරුකමකි.

තඹ පත්‍රයක මේ මන්ත්‍රය ලියා ප්‍රස්ථාර කොට මන්ත්‍රයේ ‘සියල් මිනිස්’ යෙදුමට තමන්ට ඇවැසි කෙනාගේ සම්පූර්ණ නම ද යොදාගෙන ඉහත පරිදි ජප වාර ගණන් සම්පූර්ණ කර සුරයක හෝ කුරුස සලකුණ සහිත ලේන්සුවකින් ඔතා පැළඳගැනීමෙන් හෝ ළඟ තබා ගැනීමෙන් ඇවැසි කෙනා නිතැතින්ම වශී වේ.

මේ ආකාරයටම විවිධ තෙල් හා සුවඳ දුම් යනාදිය 1008 වර ජීවම් කරගන්න. ඔරසම් කියන විට එම තෙල් වලින් ආගමික ස්ථානයේ ජේසු සමිඳාණන් වෙනුවෙන් පහන් දල්වන්න. යාඥා කරන්න. සැමටම යහපත් සිතින් මනසින් කයින් මස් මාංශ මළකුණු සුරාමේරයෙන් තොරව ඊර්ෂ්‍යා වෛර ක්‍රෝධ සිතින් තොරව ජේසු සමිඳාණන්ගේ නිර්මල කිතු දහමේ ආනිශංසයෙන් සාමය සමගි සමාදානය අයදින්න. එවිට ඔබේ කාරණයන් නිසැකවම ඉටු වේවි. නිකන් විවේකීව ඉන්න නමුත් මේ මන්ත්‍රය කටපාඩම්කොට හැකිතාක් වාර ගණනක් ජප කිරීමෙන් මැතිරීමෙන් ස්වකීය අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කරගත හැකි බව ප්‍රත්‍යක්‍ෂ කාරණයකි. ජාති භේදයකින් තොරව ආදරණීය කිතුනු බැතිමතුන්ට පමණක් නොව, සියලු මනුෂ්‍යයන්ටම මෙම දැහැනින් යහපත සලසා ගත හැකිය. මන්ද බුදුන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ යන මෙලොව පහළ වූවායැයි ප්‍රත්‍යක්‍ෂ මහා ශෘස්තෲවරුන් වහන්සේලා දෙනමම සිය දහම, දර්ශනය දෙසූයේ යම් අනුගාමිකයන් පිරිසකට නොව ජාති, ආගම් කුල මළ, පාට පක්‍ෂ වලින් තොරව සකල අපා දෙපා සිවුපාගේ යහපත නිවන පිණිසය. බුදුන් වහන්සේ ලෝක සත්ත්වයන්ට නිවන කරා යෑමට මඟපෙන්වූ අතර, උන්වහන්සේගෙන් පසුව පහළ වූ මහා ශාස්තෘවරයකු වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සියලු සත්ත්වයන්ට ස්වර්ගයට යෑමට මඟපෙන්වූ සේක. මේ මාර්ගයන් දෙකෙන්ම ලැබෙනුයේ සැනසීමයි. නිවීමයි. සසරින් එතෙර වීමයි. මීට වසර ගණනාවකට පෙර ක්‍රිස්තු දේවස්ථානයකදී අහඹු ලෙස මුණගැසී සහෘදයා මිතුරකු බවට පත්වූ කිතුනු පියතුමකු විසින් මෙම කතෝලික මන්ත්‍ර දැහැන් දෙකම මා වෙත පවසන ලද්දකි.

චිරං ජයතු

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී පුවත්පත් ලේඛක
කොත්මලේ
නාරද ඩී. ලියනආරච්චි
0779579206, 0779508443

advertistmentadvertistment
advertistmentadvertistment