ආණ්ඩුවේ 113 පුළුවන් නම් නැති කරලා පෙන්වන්න – රෝහිතගෙන් අභියෝගයක්

238

ආණ්ඩුවේ 113 ළ`ගදීම අහිමි කරන බවට ප‍්‍රකාශ කරන අයට පුළුවන් නම් එය කර පෙන්වන්නැයි වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ (28දා* අභියෝග කළේය.

ආණ්ඩුවේ 113 නැති කරන බවට තැන් තැන්වල ගොස් කයිවාරු නොගහා එය කර පෙන්වන්නැයි පැවැසූ ඇමැතිවරයා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත්ව ආණ්ඩුව සමග සිටින සහෝදර පක්‍ෂ සමග ඉදිරියට යන බවද පැවැසීය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සිටින මැති ඇමැතිවරු සිටින්නේ අර්බුද ජයගෙන රට ඉදිරියට ගෙනයෑමේ පොදු අරමුණක බවත් ඒ සඳහා සෘජු තීරණ ගන්නා ජනාධිපතිවරයෙක් හා පරමාදර්ශී අගමැතිවරයෙක් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

බත්තරමුල්ල ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (28දා* පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවසීය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment