වසරේ පළමු සූර්ය ග්‍රහණයෙන් රට තුළ ‘සරදියෙල්ගේ න්‍යායට’ ඉඩ විවර වෙයිද?

1185

වසරකට ලොව පුරා සූර්ය ග්‍රහණ හා චන්ද්‍ර ග්‍රහණ කිහිපයක්ම සිදු වෙයි. ඒ අතරින් අප රටට වඩාත්ම බලපානුයේ අප රට කුම්භ ලග්න කේන්දරයේ 10 වැන්න වූ වෘශ්චික රාශියේදී සිදුවන ග්‍රහණ පමණි. ඒ අතරින් ද චන්ද්‍ර ග්‍රහණයන්ට වඩා බලවත් ලෙස විපාක දෙනුයේ සූර්ය ග්‍රහණ වන අතර විශේෂයෙන් වළයාකාර සූර්ය ග්‍රහණ තුළින් භයානක විපාක උදාකරනු ඇත. ඒ බව සනාථ කරමින් කොරෝනා වසංගතයට පසුව අප රටේ ආර්ථිකයට මරු පහරක් එල්ල වූ අතර විදේශ විනිමය ගලා එන රැකියා මාර්ගයන්ද ඇහිරිණි.

මෙම වසරේ සිදුවන පළමු සූර්ය ග්‍රහණය මැයි 01 වැනි දින සිදුවීමට නියමිත අතර එය අර්ධ සූර්ය ග්‍රහණයක් වනු ඇත. එහි මධ්‍ය සිදු වනුයේ එදින පස්වරු 2.13ට වන අතර මේෂ රාශියත්, බෙරණ නැකතේ ප්‍රථම පාදයත් එයට දායකත්වය සපයනු ඇත.

චන්ද්‍ර ග්‍රහණයකට වඩා සූර්ය ග්‍රහණය බලවත් වන අතර එහි විපාකයන්ද දරුණු බවක් ගෙන දෙන බව අනිවාර්යයෙන් පැවසීමට පුළුවන. 2019 වසරේ දෙසැම්බර් මස 26 වැනි දින සිදු වූ වළයාකාර සූර්ය ග්‍රහණයේ විපාක ලෙස “කොරෝනා” වසංගතය ලොව පුරා ව්‍යාප්ත විය. එම වසංගතය හේතුවෙන් අප රට තුළත් ලෝකයේ බොහෝ රටවල් වලත් ආර්ථිකය කඩාවැටුණු අතර ලොව පුරා විශාල මිනිස් ජීවිත සංඛ්‍යාවක් අකාලයේ විනාශ විය.

විශ්වය තුළ සිදුවන අන් ජ්‍යොතිෂ්‍යමය විපර්යාසයන්ට වඩා ග්‍රහණයන්ගෙන් ඇති කෙරෙන විපාක ඉතා බලවත්ය. ඒ බව 2019 දී සිදු වූ වළයාකාර සූර්ය ග්‍රහණයේ ආදීනවයන්ගෙන් අප හොඳාකාරව අත්දුටුවෙමු. එමෙන්ම අත්වින්ඳෙමු. අදටත් අප රටත් ලොව අන් රටවල් රැසකුත් හිඟමනට පත්ව ඇත්තේ එම ග්‍රහණයේ සහ ඉන් පසුව 2020 දෙසැම්බර් 14 වැනි දින වෘශ්චිකයේ සිදු වූ පූර්ණ සූර්ය ග්‍රහණයේත්, 2021 දෙසැම්බර් 04 වැනි දින වෘශ්චිකයේදී නැවත සිදු වූ පූර්ණ සූර්ය ග්‍රහණයේත් ආදීනව අප තවමත් විඳිමින් සහ විඳවමින් සිටින බැවිනි.

වසරකට ලොව පුරා සූර්ය ග්‍රහණ හා චන්ද්‍ර ග්‍රහණ කිහිපයක්ම සිදු වෙයි. ඒ අතරින් අප රටට වඩාත්ම බලපානුයේ අප රට කුම්භ ලග්න කේන්දරයේ 10 වැන්න වූ වෘශ්චික රාශියේදී සිදුවන ග්‍රහණ පමණි. ඒ අතරින් ද චන්ද්‍ර ග්‍රහණයන්ට වඩා බලවත් ලෙස විපාක දෙනුයේ සූර්ය ග්‍රහණ වන අතර විශේෂයෙන් වළයාකාර සූර්ය ග්‍රහණ තුළින් භයානක විපාක උදාකරනු ඇත. ඒ බව සනාථ කරමින් කොරෝනා වසංගතයට පසුව අප රටේ ආර්ථිකයට මරු පහරක් එල්ල වූ අතර විදේශ විනිමය ගලා එන රැකියා මාර්ගයන්ද ඇහිරිණි.

2019, 2020, සහ 2021 දී වරින් වර සිදු වූ සූර්ය ග්‍රහණ පෙළ හේතු කොටගෙන රටේ ජනතාවටත්, රජයටත්, රජයේ ජනාධිපති, අගමැති ඇතුළු මැති ඇමැතිවරුන්ටත් දරුණු විපාකවලට මුහුණ දෙන්නට සිදු වූ බව නොරහසකි.

මේ වන විට රට පුරා අත්‍යවශ්‍ය භාණ්ඩයන්හි හිඟයක් ඇති වී තිබෙන අතර පොහොර නැත. තෙල් නැත. ගෑස් නැත. බෙහෙත් නැත යන අඳෝනාව රටේ දසතින්ම ඇසෙයි. බැලූ බැලු අත දැකගත හැක්කේ නැතිවාදම හා පෝලිම්ය. දරුවන්ට දෙන්න පිටි කිරි නැත. තිබුණත් ඒවා ගන්න ජනතාව අත සල්ලි නැත. හැම තැනම රජයන්නේ වෙළෙඳ මාෆියාවයි.

අප රටේ ආර්ථිකය අරාජික වී භාණ්ඩාගාර පාලකයින් විසින් වරින් වර කාබාසිනියා කර, අලියා ශිලින ලද දිවුල් ගෙඩියක් සේ පුස්සක් බවට පත් කර දමා ඇත. අප රටේ ආර්ථිකය හා බඩු මිල හසුරුවනුයේ ව්‍යාපාරිකයන් අතළොස්සක් විසින් බව රහසක් නොවේ. එයට හොඳම උදාහරණ කිහිපයක් ඇත. එයින් පළමුවැන්න වනුයේ හාල් ඒකාධිකාරයයි. සීමාවක් නැතිව අහස උසට හාල් මිල නංවා ඇත. රජය විසින් සීනිවලට සත විසිපහ දක්වා දුන් බදු සහනය ජනතාවට නොදුන් සීනි ව්‍යාපාරිකයන් තවදුරටත් අසීමිත ලෙස සීනි මිල ඉහළ නංවමින් ජනතාව පීඩාවට පත් කරමින් කරගෙන යන ජාවාරම මහ පොළව ඉහිලුවත්, අසරණ ජනතාවට නම් කෙසේවත් උහුලන්නට බැරිය.

ජනතාව දුක උහුලනු බැරිව වීදි බැස, නොනවතින අරගලයන්හී නිරතව ඇත. මේ හැම දෙයකම ආරම්භය සූර්ය ග්‍රහණවල විපාක ලෙස පෙන්වා දිය හැකි අතර “විශ්වය” විසින් සියල්ල කිසියම් නීතියකට අවනතව සිදු කරනු ලබයි. රසායනික පොහොර තහනම් කිරීමට රජය පොලඹ වනු ලැබුවේද “විශ්වය” සතු එම රහස්‍යමය බලය හේතුකොට ගෙන බව එකහෙළා පැවසිය හැක.

කාබනික පොහොර කතාවෙන් ඇරඹුණු රටේ තත්ත්වය පුපුරා යන්නට වැඩි කාලයක් ගත නොවුණු අතර අද වන විට කාබනික පොහොර කථාවට යාවුණු තවත් දැවෙන ප්‍රශ්න රාශියක් හේතුවෙන් ආණ්ඩුව මහත් අසීරු තත්ත්වයට පත් විණි. අප ඒ බව කල්තියා පැවසූ අතර විධායකයට හා ව්‍යවස්ථාදායකයට නොසිතූ ගැටලු ඇති වීමට ප්‍රධානතම හේතුව වූයේ ග්‍රහණයන්ගේ බලපෑම බව අමුතුවෙන් කිව යුතු නැත.

මෙම වසරේ සිදුවන ප්‍රථම සූර්ය ග්‍රහණය අර්ධ සූර්ය ග්‍රහණයක් වූ පමණින් අප රටට යහපත් තත්ත්වයක් උදා කරන්නේ නැත. ඇති වී තිබෙන කලබලකාරී හා නොසන්සුන්කාරී බව තව තවත් වැඩි වීමට ඉඩ ඇති අතර මහජනතාව ප්‍රකෝපකාරී අයුරින් කටයුතු කිරීමට තව දුරටත් පෙලඹෙනු ඇතැයි උපකල්පනය කිරීමට ජ්‍යොතිෂයට අනුව හැකියාවක් ඇත. ඒ සඳහා පාදක වන ජ්‍යොතිෂමය න්‍යාය වනුයේ මෙම අර්ධ සූර්ය ග්‍රහණය සිදුවන රාශියයි. කුජට අයත් මේෂ රාශියේදී සිදුවන මෙම ග්‍රහණය හේතුවෙන් රට තුළ ගිනි ගැනීම් හා ලේ වැගිරීම් සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇති බවක් පෙනේ. මන්ද කුජ යනු ගින්නට හා ලෙයට කාරක වන ග්‍රහයා බැවිණි.

ඉහතින් දැක් වූ හේතු සාධක පදනම් කරගනිමින් තවදුරටත් අප රටේ අනාගතය පිළිබඳව පැවසුවහොත්, ඇති අයගෙන් ගෙන නැති අයට බෙදා දෙන අන්දමේ සරදියෙල්ගේ න්‍යාය ඉදිරියේදී ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බවක් දැන ගත හැකිවේ. ඉන්දියන් සාගරයේ මුතුඇටය වෙනුවට නීතියේ පාලනයෙන් ගිලිහුණු, විනයක් නැති කඳුළු වගුරුවන රටක් හා කුසගින්නෙන් පීඩා විඳින ජනතාවක් අපට ඉතිරිවන්නට බොහෝ දුරට ඉඩ ඇතැයි සිතන්නට පුළුවන.

වසරේ පළමු සූර්ය ග්‍රහණයෙන් රට තුළ 'සරදියෙල්ගේ න්‍යායට' ඉඩ විවර වෙයිද?

පාරම්පරික ජ්‍යොතිෂවේදී
දිවුලපිටියේ ඩග්ලස් ගුණවර්ධන
දු.අංකය 0776 283 097

advertistmentadvertistment
advertistmentadvertistment