පාතාලය මර්දනයට ලොකු පොලිස් කමිටුවක්

382

සභාපති දේශබන්ධු

මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය සඳහා පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් පත්කර ඇත.

මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතාගේ උපදෙස් මත පත්කරනු ලැබූ මෙම විශේෂ කමිටුවේ සභාපතිත්වය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා වෙත භාර දී තිබේ.

මෙම කමිටුව මගින් පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය පාලනය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට සහ අමාත්‍යාංශයට කරුණු වාර්තා කිරීම සිදුකරනු ඇත.

මෙම කමිටුවට පත්කළ නිලධාරීන් මෙසේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත දේශබන්ධු තෙන්නකෝන්, උතුරු පළාත කේ. ජී. එම්. ගුණරත්න, දකුණු පළාත සංජීව මැදවත්ත, අණදෙන නිලධාරි විශේෂ කාර්ය බළකාය වරුණ ජයසුන්දර, නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රසාද් රණසිංහ, නියෝජ්‍ය පොලිස්පති මත්ද්‍රව්‍ය නාශක අංශය ඔෂාන් හේවාවිතාරණ, නියෝජ්‍ය පොලිස්පති විශේෂ කාර්යාංශය ටී. සී. ඒ. ධනපාල, අධ්‍යක්‍ෂ කොළඹ අපරාධ කොට්ඨාසය නෙවිල් සිල්වා මහත්වරුන් මෙම කමිටුවේ රාජකාරි කරනු ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment