කෝප් රැස්වීම් සියල්ලම අත්හිටුවයි

262

පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සියලුම රැස්වීම් නැවත දැනුම් දෙන තුරු අත්හිටවූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (17 දා) දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව එහි සභාපති විසින් සාමාජිකයන්ට පමණක් ඊයේ දහවල් 1.00ට කැඳවා තිබූ විශේෂ රැස්වීමද අත්හිටවූ බව ද කථානායකවරයා කීය.

මේ වනවිට කෝප් සභාව සම්බන්ධයෙන් මතුව ඇති අවුල් සහගත තත්ත්වය හේතුවෙන් මෙලෙස කෝප් සභාවේ කටයුතු කල් දැමූ බවද කථානායක කීය.

එහිදී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ තිරය පිටුපස දේශපාලන කටයුතු වසා ගැනීම වෙනුවෙන් කෝප් කටයුතු නොනවතින ලෙසය.

එම කටයුතු පිළිබඳ සාමාජිකයන්ට රැස්වී තීරණය ගැනීමට ඉඩ සලසන්නැයිද හෙතෙම එහිදී ඉල්ලීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment