ඉන්ධන භාවිතය අඩු කරන්න ඉන්දීය තෙල් ඇමැතිගේ සැලසුම

155

පෙට්‍රල් සහ ඩීසල් වැනි ඉන්ධන භාවිතය අවම කිරීම මිල පාලනය මගින් පමණක් නොහැකි බව ඉන්දීය තෙල් ඇමැති හරිදීප් සිංහ පූරි මහතා පවසයි. ඒ සදහා විකල්ප බලශක්ති සදහා යොමු විය යුතු බව ද සදහන් කරයි. වෙළෙද පොළ හැසිරීම අනුව එය අනුමාන කළ හැකි බව ද පවසයි . ඉන්දියාව මේ වන විට බයෝ ඉන්ධන, බයෝ ගෑස් සහ හරිත හයිඩ්‍රජන් වැනි විකල්ප බලශක්ති සදහා යොමු වෙමින් සිටින බවත් පවසයි.සෑම දිනයකම ඉන්දීය ජනතාවගෙන් මිලියන 60ක් ඉන්ධන ලබාගැනිමට ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණෙන බවත් දිනකට බොරතෙල් බැරල මිලියන 05ක් ඒ සදහා අවශ්‍ය බවත් සදහන් කරයි. විකල්ප බලශක්ති මගින් ඩීසල් සහ පෙට්‍රල් ඉන්ධන බැරල් මිලියන 1ත්2ත් අතර ප්‍රමාණයක් භාවිතා කිරීම අඩු කරගත හැකි බව ද පවසයි. ඉන්දියාව රුසියාවෙන් ඉන්ධන මිලදී ගන්නා ප්‍රධාන ගැනුම් කරුවෙකි පසුගිය ජනවාරි මාසයේ දී රුසියාවෙන් ඉන්ධන සියයට 28ක ප්‍රමාණයක් ආනයනය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment