රූපවාහිනියට පැන්න තවත් 2ක් හඳුනා ගැනෙති – එක් අයෙක් 15දා උසාවියට

144

පසුගිය 13 වැනිදා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට කඩාවැදී අලාභහානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනකු හඳුනාගෙන ඇති බවත් ඉන් එක් සැකකරුවකු වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇති බවත් කුරුඳුවත්ත පොලිසිය ඊයේ (08දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතාට වාර්තා කළේය.

එම නඩුවේ ප්‍රධාන සැකකාර ධානිෂ් අලි නමැත්තාව ලබන 15 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරනා විට රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින අනෙක් සැකකරුද මෙම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් අනෙක් පුද්ගලයාව කඩිනමින් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත්කර ඇති බවත් කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment