නොරොච්චෝලේ මාස එකහමාරකට රෙඩි

69

නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍ර තුන ම සඳහා මාස එකහමාරකට පමණ ගල් අඟුරු සංචිත පවතින බව බලාගාර ඉංජිනේරුවෝ පවසති. බලාගාරයේ යන්ත්‍ර තුන ම ක්‍රියාත්මක කර නිපදවන මෙගාවොට් 900ක ප්‍රමාණයෙන් මෙගාවොට් 90ක් බලාගාරයේ අවශ්‍යතා සඳහා රඳවාගෙන ජාතික පද්ධතියට මෙගාවොට් 810ක් එක්කර තිබෙන බවද ඔවුහු සඳහන් කළහ.

අප්‍රේල් මාසයේ වාරකන් කාලය ආරම්භ වීමට පෙර ගල් අඟුරු නැව් මසකට 07 බැගින් ගෙන්වීමට බලාගාර පාලනාධිකාරිය සැලසුම් කර ඇත. එම කාලය වනවිට ගල් අඟුරු නැව් 33 ක අවශ්‍යතාවයක් පවතින බවට අධ්‍යනය කර ඒවා ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇත.

ගල් අඟුරු මිල දී ගැනීම සඳහා මුදල් සම්පාදනය කර ගැනීමට ගැටලු මතුවී තිබෙන අතර එම මුදල් ලබාගැනීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් සිටින බවත් අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment