සවි එසවීමේ ශූර රන්සිළු ලෝකඩ පදක්කම් දිනා පැමිණේ

191

දැනට ලෝකයේ පවත්වන උසස්ම සවි එසවීමේ (Power Lifting) ශූරතා තරගාවලිය වන “ආනෝල්ඩ්” සවි එසවීමේ තරගාවලියට ශ්‍රී ලංකාව සහ සමස්ත ආසියාවම නියෝජනය කරමින් සහභාගි වී එහි විවෘත අංශයේ තුන්වන ස්ථානය දිනා ගත් රන්සිළු ජයතිලක පෙරේදා (21 වැනිදා) එංගලන්තයේ සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියේය.

මෙම තරගාවලිය ඉකුත් 13දා සිට 18දා දක්වා එංගලන්තයේ බර්මිංහැම් නුවරදී ලෝකයේ දැනට සිටින දක්ෂතම ක්‍රීඩකයන් 10 දෙනා වෙත ආරාධනා කර කැඳවා ගැනීමෙන් පසු ඔවුන්ගේ සහභාගිත්වයෙන් මෙම තරගාවලිය පවත්වා තිබෙන අතර අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් මෙම තරගාවලිය සඳහා සහභාගි වීම සිදු කළ නොහැකි වීම මෙම තරගාවලියේ විශේෂත්වයයි.

සවි එසවීමේ ශූර රන්සිළු ලෝකඩ පදක්කම් දිනා පැමිණේ

රන්සිළු ජයතිලක පිට පිට 06 වතාවක් ආසියානු ශූරතාව දිනා ගෙන ඇති අතර, පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා තරගාවලියේදී තුන් වතාවක් ශූරතාව දිනා ගැනීමට සමත් වී තිබුණි. මීට අමතරව ආසියානු වාර්තාව වන කිලෝ ග්‍රෑම් 322 ක් එසවීමේ වාර්තාවට හිමිකම් කියන්නේ ද රන්සිළු ජයතිලක වන අතර මෙවර එංගලන්තයේ තරගාවලියේදී එම බර ප්‍රමාණය ඔසවා ආසියානු වාර්තාව සම කිරීමට ඔහුට හැකි වී තිබුණි.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment