ජනපති ඇමෙරිකාවට

109


හෙට ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද නිව්යෝර්ක් නුවරට පැමිණියේය.

කියුබාවේ පැවැති ජී 77 සහ චීනය, රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව
ජනාධිපතිවරයා අද අළුයම නිව්යෝර්ක් නුවරට ළඟා විය.

2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසරභාවය මත
පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා
විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම යන තේමාව යටතේ
හෙට සිට 21 දක්වා මෙවර සැසිවාරය පැවත්වෙයි. ජනාධිපති
රනිල් වික්‍රමසිංහ මහතා 21 වැනිදා සැසිවාරය අමතා සිය විශේෂ
දේශනය සිදු කිරීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව හෙට 18 වැනිදා
පැවැත්වෙන 2030 වෙනුවෙන් පරිවර්තනීය සහ වේගවත් ක්‍රියාදාමයන් සඳහා ලෝක
නායකයින් විසින් මාර්ගෝපදේශ සපයනු ලබන 2023 තිරසර සංවර්ධන ඉලක්ක සමුළුවේ
රාජ්‍ය නායක හමුව සඳහා ද ජනාධිපතිවරයා සහභාගි වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment