කෘත්‍රිම බුද්ධිය ශ්‍රී ලංකාවටත්

431


කෘත්‍රිම බුද්ධි මෙවලමක් හරහා ළමා හා මාතෘ සෞඛ්‍ය අංශය සදහා යොදා ගැනීමට සියළු කටයුතු සම්පාදනය කර ඇතැයි ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න,මහතා පැවසීය.
මෙරට ළමා හා මාතෘ සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් වැඩිදියුණූ කර භාවිත කිරීමට යන කෘත්‍රිම බුද්ධි මෙවලම සෙසු දකුණු ආසියාතික රටවල ළමා හා මාතෘ සෞඛ්‍ය සේවාවන් සදහාද ‍යොදා ගැනෙන අතර මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂණ පීඨය ඉදිරිපත් කරන ලද පර්යේෂණ යෝජනාවලිය තෝරාගෙන ඇති බව වෛද්‍ය ජයරත්න කීවේය.
මේ යටතේ බස්නාහිර පළාතේ ගැබිණි මව්වරුන් දෙදහක පමණ නියැදියක් යොදාගෙන ඉදිරියට දිවෙන පර්යේෂණයක් මගින් ඔවුනට සහ ඔවුනගේ කුස, තුළ වැඩෙන දරුවාට ඇති විය හැකි සංකූලතා පුරෝකතනය කළ හැකි කෘතිම බුද්ධි මෙවලමක් වැඩි දියුණු කිරීම සහ එහි සාර්ථක භාවය ඇගයීම මෙම පර්යේෂණ යෝජනාවලියෙන් යෝජනා කර තිබේ.
මෙම නියමු ව්‍යාපෘතියෙන් ලැබෙන ප්‍රතිඵල මත මෙම කෘතිම බුද්ධි මෙවලම රට පුරාම දරුවාගේ වයස අවුරුදු පහ වන තෙක් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙන අතර මෙය මෙරට මාතෘ හා ළමා සත්කාරක සේවාවේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමේ හැරවුම් ලක්ෂයක් ලෙස සැලකිය හැකි බවඔහු සදහන් කළේය. මෙම වැඩපිළිවෙල එම ක්ෂේත්‍රයට කෘත්‍රිම බුද්ධිය අන්තර් ග්‍රහණය කිරීමේ මෙරට ප්‍රථම, ව්‍යාපෘතිය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment