ඉතිහාසය වෙනස් කරමින් සජිත්ගෙන් කමිටුවක්

990

ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පාර්ලිමේන්තු කමිටුවක් ඊයේ (13 දා) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කෙරිණි. ඒ පාර්ලිමේන්තුවේ කමිටු කාමර 8දී ය.

එම කමිටුව හරහා විවිධ ක්ෂේත්‍රවල ගැටලු පිළිබඳව සාකච්ඡා කරන අතර දූෂණ වංචාවලට වැට බැඳීම, සුසමාදර්ශී පාලනයක් උදෙසා විධිවිධාන සැකසීම මෙන්ම ඒ ඒ ක්ෂේත්‍ර ගතයුතු ක්‍රියාත්මක ගැන ද එහිදී අවධානය යොමුකරනු ඇත.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය, රජයේ ඖෂධවේදීන්ගේ සංගමය, සිවිල් අයිතිවාසිකම් සඳහා වූ වෛද්‍ය වෘතිකයන්ගේ සංගමය, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ආයතනය යනාදිය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් මීට එක්ව සිටියහ.

මෙහි අරමුණ හුදු දේශපාලන න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කිරීම නොවන බවත් සත්‍ය රටට හෙළිදරව් කිරීම බවත් විපක්ෂ නායක පැවසීය.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද එක්ව සිටියහ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment