ලොව පුරා මුහුදු ජලය ශීඝ්‍රයෙන් රත් වේ

202

ලොව පුරා පිහිටි මුහුදු ජලයේ උෂ්ණත්වය ඉකුත් මාසයක කාලය තුළදී වාර්තාගත අයුරින් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විද්‍යාඥයන් විසින් අනාවරණය කර තිබේ.ිඇමෙරිකානු සාගර හා වායුගෝලීය අධිකාරිය විසින් ඉකුත් මාසයක කාලය තුළදී චන්ද්‍රිකා ආශ්‍රයෙන් රැස් කරගෙන ඇති දත්තවලට අනුව ඉකුත් මාසයක කාලය තුළදී ලොව පුරා පිහිටි මුහුදු ජලයේ උෂ්ණත්වය පෙර වසරට වඩා ඉතා විශාල ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව හෙළි වී ඇති අතර මෙය දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම ශීඝ්‍රයෙන් වැඩි වන බව පෙන්නුම් කරන ප්‍රබල සාධකයක් බව එම විද්‍යාඥයෝ කියා සිටිති.

බි්‍රතාන්‍ය – ඇන්ටාක්ටික් සමීක්ෂණයේ මහාචාර්ය මයික් මෙරදීත් පවසනුයේ ලොව පුරා මුහුදු ජලය මේ සා වේගයෙන් ඉහළ යෑම පුදුමසහගත මෙන්ම අවධානය යොමු කළ යුතු කරුණක් බවත් මෙය ඉතාමත් දරුණු යමක් ඇති වීමට මුල් විය හැකි තත්ත්වයක් විය හැකි බවයි. මුහුදු ජලය මෙසේ ශීඝ්‍රයෙන් උණුසුම් වීම මුහුදු ජල මට්ටම ඉහළ යෑම, අයිස් කඳු දියවීම වේගවත් වීමටත්, මුහුදේ වාසය කරන ඇතැම් ජීවින්ගේ පැවැත්ම අඩු කිරීමටත් කොරල් පර දිය වී යෑමටත් හේතු වනු ඇතැයි විද්‍යාඥයෝ පවසති. තවත් සමහර විද්‍යාඥයෝ පවසනුයේ මෙම තත්ත්වය දේශගුණික විපර්යාසයන් ඇස්තමේන්තු කරන ලද ප්‍රමාණයටත් වඩා වැඩි වේගයකින් සිදුවන බව පෙන්වන සංඥාවක් විය හැකි බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment