ධර්මපාල තුමාගේ 159 වැනි ජන්ම දින සැමරුම හෙට

171

සිංහල බෞද්ධ පුනරුදයට රට, දැය, සමයට, අග්‍රගන්‍ය මෙහෙවරක් ඉටුකළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 159 වැනි ජන්ම දින සැමරුම හෙට (17දා) යෙදී තිබේ.

මේ නිමිත්තෙන් රටපුරා විවිධ ස්ථානවල දම්පල්තුමන් වෙනුවෙන් සමරු උත්සව පැවැත්වෙයි. ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමියන්ගේ අනුශාසනා මත ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සංවිධානයෙන් සැමරුම් උළෙලක් හෙට (17දා) උදේ 10.00 ට කොළඹ මහා බෝධි අග්‍ර ශ්‍රාවක විහාර පරිශ්‍රයේදී පැවැත්වේ. ආග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙයි. එදින උදේ 8.00 ට කොළඹ නගර ශාලාව ඉදිරිපිට දම්පල්තුමන්ගේ ප්‍රතිමාවට පුෂ්පෝපහාර පිදීමද සිදු වේ.

තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment