හෙද විශ්‍රාම ගැන්වීමට වාරණයක්

198

හෙද හෙදියන් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.පෙත්සම්කරුවන් කියා සිටින්නේ හෙද හෙදියන් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ඉකුත්දා ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවය.තමන්ට වයස අවුරුදු 63 දක්වා සේවයේ නිරත වීමට හැකියාව පවතින බවත් එම පෙත්සම් වලින් පෙන්වා දී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment