Uber ආයතනයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට රු.බි 81 ක දායකත්වයක්

121

එක්සත් රාජධානිය පදනම් කරගත් ප්‍රතිපත්ති පර්යේෂණ සංවිධානයක් වන ඡමඉකසජ ත්‍සරිඑ සංවිධානය විසින් Uber ආයතනයේ 2021 ශ්‍රී ලංකා ආර්ථික බලපෑම් වාර්තාව එළිදැක්වීය.

එම විශ්ලේෂණයට අනුව, Uber සහ Uber Eats දී ශ්‍රී ලංකා ආර්ථිකයට රුපියල් බිලියන 81කින් දායක වී ඇති අතර, පාරිභෝගිකයින්, රියදුරන් සහ බෙදාහැරීමේ හවුල්කරුවන් මෙන්ම සමස්ථ සමාජයම මෙම ආර්ථික පරිවර්තනයට දායක වූ ආකාරය වාර්තාවෙන් පෙන්වාදී ඇත. Uber ආයතනයේ ආසියා පැසිෆික් කලාපයේ රාජ්‍ය ප්‍රතිපත්ති සහ රාජ්‍ය සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ මයික් ඔර්ගිල් මහතා, Uber ආයතනයේ ඉන්දියාව සහ දකුණු ආසියා කලාපීය මෙහෙයුම් අධ්‍යක්ෂ, ශිව ශෛලේන්ද්‍රන් මහතා, Uber Rides හි මෙරට කළමණාකාරිනී භාව්නා ඩඩ්ලනී ජයවර්ධන මහත්මිය ඇතුළු Uber ශ්‍රී ලංකා නායක කණ්ඩායම් සාමාජිකයින් සහ Uber Rides හි මෙරට කළමණාකාරිණී තනුෂිකා සිවනාදන් මෙනවිය යන පිරිස් සහභාගී විය.

advertistmentadvertistment
advertistmentadvertistment