නිවා දැමිය යුත්තේ  වීදිපහන් නොව වායුසමීකරණයි – හදිසි මිලදී ගැනීම් හෙණ ගහන අපරාධයක් – ඉංජිනේරුවෝ කියති

315

මෙරට තිබෙන සියලූ වීදි පහන් නිවා දැමුවත් ඉන් දිනකට ඉතිරි කරගත හැක්කේ මෙගාවොට් 100 ක් යැයි ද කාර්යාල හා නිවාසවල වායුසමන යන්ත‍්‍ර නිමා දමන්නේ නම් ඉන් දිනකට මෙගාවොට් 500 ක් පමණ ඉතිිරි කරගත හැකි බව ද ලංවිම ඉංජිනේරුවෝ පවසති.

මේ මොහොතේ වීදි පහන් නිවාදමා හෝ ජාතික විදුලි පද්ධතියට යම් සහනයක් ලබා ගැනීම වරදක් නොමැති මුත් කළ යුතු වැදගත්ම දේ නිවාස කාර්යාලවල අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම යැයිද ඔව්හු කියා සිටිති.

විශේෂයෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශවල පාළු පාරවල්වල වීදි පහන් නිවා දැමීම වෙනුවට සුපිරි නිවාස, කාර්යාලවල වායුසමන යන්ත‍්‍ර නිවා දමන්නේ නම් ඉන් දිනකට

මෙගාවොට් 500 ක් ඉතිරි කරගත හැකි බව ද ඉංජිනේරුවරු කියා සිටිති.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය (මෙ.වො. 900) ඉදිකළ පසු එකදු  බලාගාරයක් හෝ ඉදි නොකිරීමේ වරදට මුළු ජනතාවම පව් ගෙවන බවත් දැන් ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙගාවොට් 250 ක් හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගන්නට තීරණයක් කළහොත් එය හෙණ ගහන අපරාධයක් බවත් ඔව්හු කියා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment