හොර ස්ටිකර් ගහන මත්පැන් නිෂ්පාදනාගාරවල බලපත්‍ර අහෝසියි! – සුරාබදු කොමසාරිස් ජනරාල්

67

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් අලවා වැරදිකරුවන් වන පුද්ගලයන් සහ සමාගම්වලට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

ව්‍යාජ ස්ටිකර් සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා ද තමන්ට උපදෙස් දී තිබෙන බවත් ව්‍යාජ ස්ටිකර් භාවිත කර මත්පැන් නිෂ්පාදනය කර තිබෙන සමාගම්වල බලපත්‍ර අහිමිවීමේ අවධානමක් පවතින බවත් ඒ මහතා මත්පැන් නිෂ්පාදන සමාගම්වල නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවේදී පසුගිය 29 වැනිදා ප්‍රකාශ කර තිබේ.

මත්පැන් නිෂ්පාදකයා සම මත්පැන් සිල්ලර අලෙවි සැල් හිමිකරුවන් යන දෙපාර්ශ්වය නොදැනුවත්ව මෙම වංචාව සිදුකළ නොහැකි බව ප්‍රකාශ කළ සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ එම දෙපාර්ශ්වයේ විනයක් නොමැති වීම නිසා දැඩි ආර්ථික දුෂ්කරතා විඳින රජයේ ආදායමට තවදුරටත් තර්ජන එල්ල වන බවයි.

ව්‍යාජ ස්ටිකර් ඇතුළු නිෂ්පාදන ආයතන තුළ සිදුවන අක්‍රමිකතා සහ වංචා මැඬලීමේ අරමුණින් මධ්‍යගත නිරීක්‍ෂණ කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව සඳහන් කළ සුරාබදු කොමසාරිස්වරයා එළැඹෙන සැප්තැම්බර් 30 වැනිදාට පෙර සිය ආයතන වල කැමරා පද්ධති සවිකර නිම කරන ලෙස මත්පැන් නිෂ්පාදන ආයතන නියෝජිතයන්ට දැනුම් දී තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment