පිටකොටුව සහ මොරටුව මාර්ග අංක 100 සහ 101 පෞද්ගලික බස් වර්ජනයක

71

පිටකොටුව සහ මොරටුව අතර ධාවනය වන මාර්ග අංක 100 සහ 101 පෞද්ගලික බස් රථ ඊයේ (31) වර්ජනයක නිරත විය. මාර්ගස්ථ බස් අධිකාරිය මගින් අලුත් බස් රථයක් ඉහත මාර්ගයේ ධාවනයට යෙදවීමට විරෝධය පල කරමින් බස් රථ හිමියන්ගේ සංගමය මෙම වර්ජනය ආරම්භ කර ඇත.

මාර්ගස්ත බස් රථ අධිකාරියේ නිලධාරියකු පැමිණ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන තුරු තමන් වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වන බව බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි. මෙම වර්ජනය හේතුවෙන් ඊයේ (31) මගී ජනතාව මහත් අපහසුතාවට පත්ව සිටියහ.

හෙන්රි ප්‍රියශාන්ත මැන්දිස්

advertistmentadvertistment
advertistmentadvertistment