මාර්ග සේවක වෘත්තීය සමිති 27 ක් වැඩවරයි අධිවේගයත් ලෙඩවෙයි

131

මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් මුහුණ පා සිටින ගැටලුවලට විසඳුම් ඉල්ලා සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමය ඇතුළු ඊට සම්බන්ධ වෘත්තීය සමිති 27 ක් හෙට (22 දා) වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර ඇත.

බඳවා ගැනීමේ පටිපාපටියට අනුව අභ්‍යන්තර උසස්වීම් වසර 12 ක් තිස්සේ නොලැබීම, මෙතෙක් ගෙවීම් සිදුකළ වෛi නිවාඩු සඳහා ගෙවීම් නතර කිරීම සහ අධිවේගී මාර්ග පෞද්ගලීකරණය කිරීමට රජය ගන්නා වෑයමට එරෙහිව මෙසේ අද (22 දා) අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමට පියවර ගත් බව, සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමයේ සභාපති යොහාන් මුණසිංහ මහතා සඳහන් කරයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා කටුනායක අධිවේගී මාර්ගයේ, දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ සේවක සේවිකාවන් 1400ක පමණ පිරිසක් ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ සේවක සේවිකාවන් සහභාගි වීමට නියමිතය.
අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment