පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි වැලිමඩ හිටපු සභාපති රිමාන්ඩ්

396

කැප්පෙටිපොළ නගරයේදී වැලිමඩ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අධිකරණය මගහැරසිටි වැලිමඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇස්. ඒ. ආර්. බන්දුසේන යන සැකකරු නීතිඥවරයකු මගින් වැලිමඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු දෙසැම්බර් 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරු පී. ජයසේකර මහතා නියෝග කළේය. මෙසේ අධිකරණය මගින් රිමාන්ඞ් කරනු ලැබුවේ කැප්පෙටිපොළ නගරයේ පදිංචී වැලිමඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇස්. ඒ. ආර් බන්දුසේන (රාජා) යන සැකකරුය.

බණ්ඩාරවෙල අධිකරණවල නීති කටයුතු සිදුකරන නීතිඥ විශ්වනාත් ආර්. කුලතුංග මහතා විසින් මෝසමක් ඉදිරිපත් කරමින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

සැකකරුගේ නීතිඥ විශ්වනාත් ආර්. කුලතුංග මහතා

මෙම සැකකරුට එරෙහි පවතින බී වාර්තාවකින් කරුණු වාර්තාකර ඇති නඩුවට ඉදිරිපත් නොවුණේ ඩුබායි රටේ විදෙස් සංචාරයක නියැළීම නිසයි. එනිසා අද දින (20) මෝසමක් ගොණුකරමින් මෙසේ ඉදිරිපත් වෙනවා. සිද්ධිය

ගැන බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතර ඕනෑම ඇප කොන්දේසියක් මත සැකකරු අධිකරණයෙන් මුදාහරින ලෙසට ඉල්ලා සිටිනවා.

විනිසුරු පී. ජයසේකර මහතා – සැකකරු විදෙස් සංචාරය නිමාකර නැවත පැමිණ දිගුකාලයක් ගත වෙනවා. එම මුල් අවස්ථාවේම අධිකරණයට ඉදිරිපත් වීමට හැකියාව තිබියදි ප්‍රමාදව ඉදිරිපත්වීම පිළිබඳව විශ්වාසයක් තැබීමට හැකියාවක් නොමැති නිසා සැකකරු දෙසැම්බර් 04 දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාරගත කිරීමටත් සැකකරුගෙන් ප්‍රකාශයක් ගැනීමට වැලිමඩ පොලිසියේ පොලිස් පරීක්ෂක තුසිත කුමාරට ඉඩ දෙන ලෙසට බදුල්ල බන්ධනාගාර අධිකාරිවරයාටත් නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment