ශම්මි අයිසීසීයට බොරු ලියුම් ඇරලා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කර ගත්තා – මේ දූෂිතයන්ට නඩු පවරන්නැයි නීතිපතිගෙන් ඉල්ලනවා

133

ඇමැති රොෂාන් මැතිසබයේදී කියයි

වැරදි කරුණු ඉදිරිපත් කරමින් ශම්මි සිල්වා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට යවන ලද ලිපි තුනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

“2023-11-11 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු ෂම්මි සිල්වා මහතාගෙන් ප්‍රශ්නයක් අහනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්න ඔබතුමා මැදිහත් වුණාද කියලා. ඒ වෙලාවේ ෂම්මි සිල්වා මහතා කියනවා එහෙම කරන්න තරම් මම පොරක්ද කියලා.

මම මේ අවස්ථාවේ මේ ක්‍රිකට් ක්‍රීඩාව පාවාදීපූ ආකාරය සම්බන්ධව ඉතා වැදගත් ලියවිලි 03ක් සභාගත කරනවා. නොවැම්බර් 06, 07 යන දිනවල අධිකරණයේ නඩුව විභාග වෙද්දි මේ අය නැවත ලිපියක් නිකුත් කරනවා. නීතියට පිටින් ගිහින්. 9 වැනිදා පාර්ලිමේන්තුවේ විවාද කර තිබියදී මහජන පරමාධිපත්‍ය අභියෝගයට ලක් කරමින් නැවත ලිපියක් නිකුත් කරනවා. ශම්මි සිල්වා සම්පූර්ණයෙන් බොරු ලියලා අයි.සී.සී. එක නොමග යවලා. මගේ කාලයේ රග්බි, ෆුට්බෝල් තහනම් කළා කියලා. ඒත් ඒ දෙකේම තහනම දැන් ඉවරයි.

දෙවැනි ලියුමෙන් ශම්මි සිල්වා බල කරලා තියෙනවා අතුරු කමිටුවක් පත් කිරීම නිසා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කහනම් කරන්න. අවුරුදු 19න් පහළ ලෝක කුසලානය ඇතුළු සියලුම තරගාවලි රටින් ගෙනියන්න කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා කියනවා. වයස 19 පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය, පිරිමි ටී 20 ලෝක කුසලානය, 2027 පෙබරවාරි මාසයේ අයි.සී.සී කාන්තා චැම්පියන්ස් කුසලානය අපිට අහිමි වෙනවා කියලා ඇමැතිවරයාට දන්වන ලෙස අයි.සී.සී. එකට ශම්මි සිල්වා කියනවා. එතකොට මේ අයි.සී.සී එකෙන්ද මේ ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීම කළේ කියලා මෙතනින් තේරෙනවා. ඒ වගේම 09 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදය අභියෝගයට ලක් කරමින් තවත් ලිපියක් ලියනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා අයි.සී.සී ආයතනයට යවලා තියෙන විද්‍යුත් ලිපිවල අන්තර්ගතය එකින් එක මම පැහැදිලි කරනවා. ශම්මි සිල්වා නොවැම්බර් 06 වැනිදා අයි.සී.සී ආයතනයට ලියනවා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් දැම්මා කියලා. එහි සඳහන් වෙනවා ඇමැතිවරයකුගේ දේශපාලන සහචරයන් ඒ අතුරු කමිටුවට දැම්මා කියලා. කෙසේ වෙතත් මම කියන්නේ නැහැ ලෝකයේ වෙනත් රටවල්වල ඕනෑතරම් දේශපාලනයට ළඟින් සම්බන්ධ ඥාතීන් ඉන්නවා. හැබැයි ඔහු තවත් පුරවැසියෙක්. ඔහු කවදාවත් ඇමැතිවරයෙක් හිටියා කියලා තව පුද්ගලයෙක් එක්කෙනෙක් වෙන්නේ නැහැ. ඔවුන් දෙන්නෙක්. ඒ වගේම ශම්මි සිල්වා අයි.සී.සී ආයතනයට බොරු ලියලා නොමග යවලා තියෙන්නේ රග්බි ක්‍රීඩාව තහනම් වුණේ මගේ යටතේ කියලා. නමුත් එය තහනම් වුණේ මගේ යටතේ නෙවේ. එතුමා ලිපියෙන් පෙන්වා දෙනවා ශ්‍රී ලංකාවේ රග්බි සහ පාපන්දු ක්‍රීඩා තහනම් කරලා කියලා. ශ්‍රී ලංකාව එම ක්‍රීඩා දෙකේම තහනම ඉවත් කරගෙන තියෙනවා. හැබැයි අයි.සී.සී ආයතනය නොමග යවලා තියෙනවා. දෙවැනි ලිපියෙන් ශම්මි සිල්වා බල කර තිබෙනවා අතුරු කමිටුවක් දැම්මොත් ක්‍රිකට් තහනම් කරන්න කියලා. මෙහිදී කියනවා අතුරු කමිටුවක් පත් කිරීම මගින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න. අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ඇතුළු සියලුම අනිකුත් තරගාවලි මේ රටින් ගෙනියන්න කියලා. මේ ප්‍රකාශය තුළ මම පෙන්වා දෙනවා ඊයේ පාර්ලිමේන්තුවේදී හරින් ප්‍රනාන්දු ඇමැතිවරයා කියනවා ශ්‍රී ලංකාවට මේ හරහා එන්න හිටපු 800ක සංචාරක පිරිස අහිමි වෙනවා කියලා. මම අද එතුමාට ලිඛිත සාක්ෂි හරහා ඔප්පු කරලා පෙන්වනවා.

ඒ 800ක සංචාරකයන් අහිමි වෙලා තියෙන්නේ අපි

කාගේවත් වරදින් නෙවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා වයස 19 පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අයින් කර ගන්න අයි.සී.සී. එකෙන් ලංකාවට දැනුම් දෙන්න කියපු හේතුව මත. ඒ වගේම අයි.සී.සී වාර්ෂික සමුළුව, ටී 20 පිරිමි ලෝක කුසලානය ඒ වගේම අයි.සී.සී. කාන්තා චැම්පියන්ස් කුසලානය අපිට අහිමි වෙනවා කියලා ඇමැතිවරයාට දන්වන්න කියලා අයි.සී.සී. එකට ශම්මි සිල්වා කියනවා. මේ හරහා තමයි ක්‍රිකට් තහනම් කළේ කියලා ඔප්පු වෙනවා. වැරදි බොරු කරුණු ඉදිරිපත් කරලා ශම්මි සිල්වා යෝජනා කරනවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න කියලා. එදා අපි පාර්ලිමේන්තුවේ දූෂිත ක්‍රිකට් මණ්ඩලය ගෙදර යවන්න විවාදය තිබෙන වෙලාවෙ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය කියලා ශම්මි සිල්වා ලිපි තුනක් අයි.සී.සී. එකට යවන්න කටයුතු කරන විට මම මෙහෙම උපුටා ගන්නවා. අපි එදා විවාදයට ගත්තේ විගණකාධිපති වාර්තාව. දූෂිත ක්‍රිකට් පාලනය ඉවත් කරන්න. අපි ක්‍රිකට් සඳහා අත පෙව්වේ නැහැ. එහි ස්වාධීනත්වයට හානි කළෙත් නැහැ. අන්ත දූෂිත බරපතළ මූල්‍ය වංචා ගැන අපි සාකච්ඡා කළේ. ඒකමතිකව අපි යෝජනා ස්ථිර කළා.

ශම්මි සිල්වා මේ වගේ බොරු ගොඩක් සඳහන් කරලා තියෙනවා. මේ රටේ ජනතාව පාවා දුන්න කරුණක් ගැනත් මම සඳහන් කරන්නම්. අපි ජනතාවට කිසිසේත්ම කියලා නැහැ, ජනතාව එහෙම කරන්න පෙළඹිලත් නැහැ. මේ ජාත්‍යන්තරය නොමග යවන්න. අපේ ජනතාව බුද්ධිමත්. සූම්

රැස්වීමේදී පැහැදිලිවම කියලා තියෙනවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න කියලා. මේ තහනම අයි.සී.සී. එකෙන් දාපු තහනමක් නෙවේ. ඉවත් කර ගැනීමට පළමුව කළ යුත්තේ රටට අපකීර්තියක් ගෙන දෙමින් ක්‍රිකට් ක්‍රීඩාව සහ මුළු රටටම පිළිලයක් වී ඇති දූෂිත ක්‍රිකට් පාලනය අපේ නීතිය හමුවට ඉදිරිපත් කරලා මෙම තහනම ඉවත් කර

ගන්නවා. ඔහු අද ඉන්දියාවට ගොස් තියෙනවා මේ තහනම ඉවත් කර ගන්න කියලා. මේක සම්පූර්ණයෙන්ම රංගනයක්. මේ රටේ ජනතාව ගොනාට ඇන්දවීමක්. ඔහුගේ ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කරනවා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ව්‍යවස්ථාවක් හදන්න සූදානම් කර ඇති බව. මම පත් කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුව ව්‍යවස්ථාවක් සකස් කළේ දූෂණයෙන් තොර පාලනයක් සඳහා අවශ්‍ය වන ව්‍යවස්ථාව. එම ව්‍යවස්ථාවට අනුකූල වන පරිදි පනතට අවශ්‍ය නීති ගෙන ඒමටයි. ක්‍රිකට් දූෂණයෙන් තොරව යන්න නම් නව වැඩපිළිවෙළක් ඕන කියලා ජනපති ඇතුළු 225ම පිළිගෙන තියෙනවා. ඔස්ටේ්‍රලියාවේ නායක පැට්ස් කමින් මේ වසරේ අයි. පී. එල්. සඳහා සහභාගි වුණේ නැහැ ලක්ෂ ගණනින් ගෙවද්දී. අභියෝග තිබ්බා ලෝක කුසලානයට ඔහු සූදානම් වෙන්න ඕන. හැබැයි අපේ පාලකයන් මොකද්ද කළේ ? ලෝක කුසලානය අත ළඟ තියාගෙන එල්.පී.එල්. ගහලා අපේ ක්‍රීඩකයෝ ලෙඩ කරලා ගෙදර තියලා ක්‍රිකට්වලින් රට පාවා දීම කළා. එම නිසා මෙම දූෂිතයන්ට කරුණාකරලා නඩු පවරන්න කියලා නීතිපතිගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම 2018 සිට 2023 දක්වා වෝහාරික විගණනයක් කරන්න. ඒකමතිකව අපි යෝජනා ස්ථීර කළා මේ දූෂිත පරිපාලනය ශ්‍රී ලංකාවෙන් සදාකාලිකව ඉවත්විය යුතුයි කියලා. මේ පාර්ලිමේන්තු විවාදය ශම්මි සිල්වා විසින් අයි.සී.සී එකට හුවා දක්වා තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් හී ස්වාධීනත්වයට හානි කරනවා කියලා. ඒ වගේම සූම් මීටින්ග් එකේදී පැහැදිලිව කියලා තියෙනවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නැවත තහනම් කරන්න කියලා. ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය පැහැදිලිව සනාථ කළා ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත තමයි ක්‍රිකට් තහනම් කළේ කියලා. ලෝකය හමුවේ රටේ අභිමානය, ස්වාධිපත්‍යයට තර්ජනයක් ගෙන දෙන ආකාරයෙන් මේ ප්‍රකාශ නිකුත් කරමින් ජාත්‍යන්තර ප්‍රජාව නොමග යවමින්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නොමග යවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීම සඳහා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මේ ගෙන ඇති නිර්ලජ්ජිත උත්සාහය දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙස මම දකිනවා. ඔහු රට ක්‍රිකට් හරහා පාවාදීම ලිඛිත සාක්ෂි මම සභාගත කරනවා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment