ලෝක තිරිගු වෙළෙඳ පොළට ඉන්දීය ඇස

317


රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම් හේතුවෙන් කඩාවැටී ඇති ලොව තිරිගු වෙළෙඳ පොළට ඉන්දියාව මැදිහත් වීමට අවධානය යොමුකර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.ඒ අනුව රුසියාව සහ යුක්රේනය තිරිගු සපයන රටවල් 30ට තිරිගු සැපයීමට ඉන්දියානු තිරිගු අපනයනකරුවෝ සූදානම් වෙති.මෙම රටවල් 30න් 10ත් 15ත් අතර රටවලට ඉන්දියාවද දැනට තිරිගු අපනයනය කරයි.ඉන්දියාවේ 2022 අපේ‍්‍රල් සිට 2023 මාර්තු දක්වා මෙවර තිරිගු අස්වැන්නෙන් ටොන් මිලියන 111ක් පමණ ලබාගතහැකි වෙතැයි අපේක්ෂා කරයි.එය පසුගිය අස්වැන්නට වඩා ටොන් මිලිනය02ක වැඩිවීමක් බව පවසයි.මෙම තිරිගු අපනයනය රජයෙන් රජයට ලෙස හෝ පෞද්ගලික මට්ටමින් හෝ සිදුකිරීමට ඉන්දියාවේ අවධානය යොමුවී ඇත.මෙහිදී ඉන්දියාවේ තිරිගු නිතර මිලදී නොගන්නා ඉතාලිය,තුර්කිය,අසර්බයිජානය,ග‍්‍රීසිය ඊසාන දිග අප‍්‍රිකානු රටවල් වෙතටද තිරිගු අපනයනය කිරීමට ඉන්දියාවේ අවධානය යොමුවී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි. රුසියාව සහ යුක්රේනය තිරිගු වෙළෙඳ පොලෙන් සියයට 25ත් 30ත් අතර ප‍්‍රතිශතයක් හිමිකරගෙන සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment