19න් පහළ ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් ජය ඉන්දියාවට

262

අද පැවැති වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට හිමි විය.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර පන්දුවාර 33කදී කඩුලු 07ක් දැවී ලකුණු 74ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල නිසා තරගය කණ්ඩායම් දෙකටම පන්දුවාර 38 බැගින් සීමා කිරීමට තීරකයින් පියවර ගත්තේය.

ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 38ක් අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 106ක් ලබා ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.

ඉන්දීය කණ්ඩායමට ලකුණු 99ක ඉලක්කයක් හිමිවූ අතර ඔවුන් එක් කඩුල්ලක් දැවී ලකුණු 104ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment