මුල් තරග දෙක හොඳට කළා – නායක කුසල් මෙන්ඩිස්

270

ලෝක කුසලාන තරගාවලියේදී මුල් තරග දෙක ඉතා හොඳින් ක්‍රීඩා කළ බවත් තරග පරාජයන් හමුවේ කණ්ඩායමක් ලෙස උපරිම දේ කිරීමට උත්සාහ කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පැවසීය.

තරගාවලියේදී ක්‍රීඩකයන්ට විශේෂ මානසික පීඩනයක් නොතිබූ බව ද ඔහු කීය.

කණ්ඩායම එකමුතුව තරග කළ බවත් සියලු ක්‍රීඩකයන්ගේ සහාය ලැබුණු බවත් ඔහු පැවසීය. තරගවල ජය පරාජය පාලනය කළ නොහැකියි. ඉදිරියේදී එන තරගවලදී හොඳින් ක්‍රීඩා කිරීම අරමුණ යැයි ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment