5ක් මරාගෙන මෝඛා මියන්මාරයට කඩාවදී

165

මෝඛා සුළි කුණාටුව හේතුවෙන් මියන්මාරයේ මරණ පහක් සිදුව ඇත.

මියන්මාරයේ රකින් ප්‍රාන්තයේ වෙරළබඩ ප්‍රදේශවලට මුහුදු ජලය ගලා ඒම නිසා පහත් බිම් යටවී තිබේ. එසේම මීටර් කිහිපයක් උසින් මුහුදු රළ ගොඩබිමට කඩා වැදී ඇත.

පැයට කිලෝමීටර් 209 ක් (සැතපුම් 130 ක්) දක්වා වේගයෙන් හමා යන සුළං මියන්මාරයේ සිට්වේ නගරය ආසන්නයෙන් ගොඩබිමට කඩා වැදුණු බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අධික සුළං නිසා ජංගම දුරකථන කුලුනු කඩා වැටී ඇති නිසා විපතට පත් ප්‍රදේශවල සන්නිවේදනය කටයුතු ඇනහිට ඇත.

2008 මැයි මාසයේදී නර්ගිස් සුළි කුණාටුව නිසා මියන්මාරයේ 138,000 ක් මියගිය අතර දස දහස් ගණනක් නිවාස සහ ගොඩනැගිලි විනාශ විය.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment