එවැනි නතර කිරීමක් නෑ – ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ උප සභාපති

613

ගුවන් මගීන් සඳහා පී. සී. ආර්. පරීක්ෂණ සිදුකිරීමේ ක‍්‍රියාවලිය නතර කර නැතැයි ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ උපසභාපති රජීව් සූරියාරච්චි මහතා පවසයි.

මෙම පී. සී. ආර්. පරීක්ෂණ සිදුකිරීමේ ක‍්‍රියාවලිය අත්හිටුවා ඇති බවටත්, අලූතින් ආරම්භ කෙරුණු පී. සී. ආර්. පරීක්ෂණාගාරය වසා දමා ඇති බවටත් පළ වන වාර්තා පදනම් විරහිත බවද උපසභාපතිවරයා පෙන්වා දෙයි. කටුනායක ගුවන්තොටුපළට පැමිණෙන සංචාරකයන් හා විගමනික ශ‍්‍රමිකයන් සඳහා පී. සී. ආර්. පරීක්ෂණ සිදුකර පැය 03ක් තුළ එම වාර්තා ලබාදීම සඳහා පසුගිය 25 වැනිදා ආරම්භ කෙරුණු පී. සී. ආර්. පරීක්ෂණාගාරයේ ඉදිරි කටයුතු පැහැදිලි කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී උපසභාපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියාරච්චි මහතා මෙසේද කීවේය.

‘‘ගුවන්තොටුපළ තුළ අපි මේ වෙනකොට පී. සී. ආර්. පරීක්ෂණ සිදුකරනවා. මෙහි කිසිම ප‍්‍රශ්නයක් සිදුව නෑ. පී. සී. ආර්. පරීක්ෂණාගාරය වහලා කියන එක සම්පූර්ණ අසත්‍යයි. මේක යන්ත‍්‍රානුසාරයෙන් කරන වැඩක්. එවිට විවිධ තාක්ෂණික දෝෂ මතුවිය හැකියි. ඒ නිසා අපි ඒ ක‍්‍රියාවලියේදී මතුවන ප‍්‍රායෝගික ගැටලූවලට විසඳුම් ලබාදෙමින් එම ක‍්‍රියාවලිය නිවැරදි කරමින් සිටිනවා’’

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment