22 දෙර්කාණාධිපතිට බිල්ලක් වී  – අසම්මත පෙමට දිවිදුන් දස්කොන් අධිකාරමගෙන් නැකතට ලියුමක්

895

මා මෙලොව එළිය දුටුවේ ක‍්‍රි.ව 1693 අගෝස්තු මස 08 වැනිදාට පහන්වන්නට අලූයම 5.25 ට පමණ මහනුවර දීය. සඳුට අයත් එකම ලග්නය වූ කටකයෙන් උපත ලද මගේ නවාංශකය වූයේ ගුරුට අයත් ධනුවයි. රාහුට අයත් සා නැකතේ 3 වන පාදයෙන් උපත ලද මා, පුර සතවක තිථියෙන් උපත ලබා ඇති බව සඳහන් වේ. මහ දශා ශේෂය ලෙස දක්වා ඇත්තේ ඉදිරියට රාහු මහ දශාවේ වසර 06 යි දින 01 ක් ලෙසය.

 ලග්නාධිපති සඳු හෙවත් චන්ද්‍රයා, දිග්බලව ගමන් කරද්දී උපත ලද මා හට, සඳමඬල මෙන් බබළන, වත මඬලක් හිමි වීම දෛවෝපගත සිදුවීමක් විය හැක. දිනෙන් දින රූපශ‍්‍රීයෙන් ඔපවත් වූ මගේ තුරුණු සිරුර දකින දකින අයගේ නෙත් සිත් ඇද බැඳ ගැන්මට සමත් වූවා යැයි කිවහොත් එය මුසාවක් නොවනු ඇත.

 මගේ පියාගේ නම ‘‘පේදුරු ගස්කොඤ්ඤ’’ ය. මව පෘතුගීසි (මෙස්තිරිඤ්ඤ) ජාතික කාන්තාවකි. මගේ නමද මුලින්ම ගස්කොඤ්ඤ වූ අතර පසු කලෙක එය වැහැරීමේ පහසුව තකා ‘ගස්කොන්’ වී පසුව ‘‘දස්කොන්’’ යනුවෙන් හැඳින්වීමට සැවොම පුරුදු වූහ.

 දැඩි විනෝදකාමියෙකු වූ දෙවන රාජසිංහ රජුගේ ඉතා විශ්වාසවන්ත සේවකයකු වූ මගේ පියා වන ‘‘පේදුරු දස්කොන්’’ වැඩි කාලයක් සේවය කරන ලද්දේ රජවාසල තුළමය. ඒ රජුගේ නියෝගයකට අනුවය. එම නිසා මා ද කුඩා කාලයේ පටන් හැදුනේ වැඩුණේ රජ වාසල මගේ නිවස මෙන් සිතා ගෙනය.

22 දෙර්කාණාධිපතිට බිල්ලක් වී  - අසම්මත පෙමට දිවිදුන් දස්කොන් අධිකාරමගෙන් නැකතට ලියුමක්



 මගේ එම සිතිවිලිවලට, පිටිවහලක් වූයේ රජුගේ පුත් කුමරා වූ ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ (තුන් සිංහලේ අවසන් සිංහල රජු) රජ කුමරාත්, කුඩා මාත් සම වයසේ පසුවීමය. එම නිසා අප දෙදෙනා අතර ඇති වූ මිතුදම කිසිවෙකුටවත් බිඳලිය හැක්කක් නොවීය. අකුරු කිරීමේදී මෙන්ම දුනු හා කඩු ශිල්පය ප‍්‍රගුණ කිරීමේදී ද නරේන්ද්‍රසිංහ කුමරු හා මා එකටම සිටි අතර රජ කුමරුගේ තනි නොතනියට සිටි එකම මිත‍්‍රයා වූයේ ද මා පමණි. අප දෙදෙනා අතර පැවැති මිත‍්‍රත්වය, මිත‍්‍රත්වයකට පමණක් සීමා නොවූ අතර එය ඊටත් එහා ගිය සහෝදරාත්මක බවකින්ද ශක්තිමත් වූ බව නොරහසකි.

 දුනු ශිල්පියෙහි කෙළ පැමිණි හපනකු ලෙස රටවැසියා විසින් හඳුන්වනු ලැබූ මා, රටේ පැවැති අභ්‍යන්තර කැරලි අවස්ථාවලදී මගේ මිත‍්‍රයා වූ නරේන්ද්‍ර සිංහ කුමරුට සහයත්, ආරක්‍ෂාවත් නොඅඩුව ලබා දුන්නෙමි. එවැනි අවස්ථාවලදී මා මගේ ජීවිතය පිළිබඳ අවදානමද තුට්ටුවකටවත් මායිම් නොකළ බව රජකුමරුද හොඳින් දැන සිටි බව ඔහුගේ සමහර කතාවලින් මට වැටහිණි.

 කාලය හීයක වේගයෙන් පියාඹා යද්දී, රජකුමරු හා මා ළමා වියට සමුදෙමින් තුරුණු වියට පා තැබුවෙමු. අප දෙදෙනාම ආරෝහ පරිනාහ දේහයන්ට හිමිකම් පෙන්වමින් මනා රූප සම්පත්තියකින් යුතු වූ කඩවසම් තරුණයන් වීමු. අපගේ තරුණ කම තුළ වීරත්වය හා නිර්භීත කම බිඳකුඳු අඩුනැති වීම විශේෂත්වයක් විය.

 වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ කුමරු (1707-1739) රජකමට පත් වූ වහාම, කන්ද උඩරට රාජධානියේ මහාදිකාරම් තනතුර සඳහා මා පත්කර ගැනීමට මොහොතක් හෝ ප‍්‍රමාද වූයේ නැත. ඒ තරමටම එතුමා මාහට හිතෛෂීද, ලෙන්ගතුද විය. තම එක කුස හොත් සොයුරෙකුට මෙන්ම මා හට සලකන ලද නරේන්ද්‍රසිංහ රජුට, මා නොදැක එක් දිනක් හෝ ගතකිරීම අපහසු වූ අතර ඒ තරමට අප දෙදෙනාගේ මිත‍්‍රත්වය ඉතා දැඩි එකක් විය. එනිසාම මා හට නිතර රජවාසලේම කාලය ගෙවීමට සිදු වූ අතර රජු මා කැඳ වූ සැනින්, මා එතුමා ඉදිරියේ පෙනී සිටීම එතුමාගේ අභිලාෂය බව මා දැන සිටියෙමි.

 මගේ කටක ලග්න කේන්දරයේ රවි ග‍්‍රහයා, ලග්න භාවය තුළ තැන්පත්ව ඇත්තේ මිත‍්‍රලීලාවෙනි. එම පිහිටීම මත වේගවත් මෙන්ම උදාර ගති ගුණ මා හට සහජයෙන්ම ලබාදීමට ග‍්‍රහ ලොව රජුවන රවි කාරුණික වී ඇත. ඕනෑම අවදානම් අවස්ථාවකට මුහුණදීමේ හැකියාව හා නිර්භීත කමද මා රවි ග‍්‍රහයාගෙන් ලද දායාදයක් යැයි සිතීමට පුළුවන.

 එමෙන්ම පිබිදුන උද්යෝගීමත් භාවය මෙන්ම රජයේ උසස්ම තනතුර වූ මහදිකාරම්කමද මා හට ලබා දුන්නේ, ලග්න භාව ගත රවි ග‍්‍රහයාම බව මම හොඳාකාරව දනිමි. පසුකාලීනව ‘‘දස්කොන්’’ නමින් මා ප‍්‍රචලිත කිරීමටද ලග්න ගත රවිගෙන් ලදුයේ මහත් පිටිවහලක් බව අමුතුවෙන් කිවයුතු නැත.

 මගේ කටක ලග්න කේන්දරයේ ලග්නාධිපතියා වූ චන්ද්‍රයා, රවි ග‍්‍රහයාට ඉතාම ලෙන්ගතුය. රවි ග‍්‍රහයා ග‍්‍රහලොව රජු වන අතර චන්ද්‍රයා රවි රජුගේ නිත්‍යානුකූල අග මෙහෙසිය බව රජ මැ`දුරේ පුරෝහිත බමුණා දිනක් මා හා පැවසූ බව මට මතක තිබේ.

 රජතුමා ඔටුනු පළන් දෙවැනි වසරේදී, මහනුවර පත්වනු ලබන ‘‘වාහල්කඩ ඇත්පොරය’’ නැරඹීමට රජුට ආරාධනය කර තිබුණි. පසුව එය කුමන්ත‍්‍රණයක් බව මට ආරංචි විය. එහිදී උපක‍්‍රමශීලීව රජු මරා දැමීම සතුරන්ගේ අරමුණ වූ නමුත්, සතුරාට පළමුව මා ක‍්‍රියාත්මක වූයෙන් රජු එවර මරණයෙන් ගැලවිණි.

 මගේ උපාය ඥානයත්, දක්ෂකමත්, එඩිතර භාවයත්, හේතුවෙන් එතුමාගේ දිවි ගැලවුණු බව රජතුමා නිතර පවසන්නට වූ අතර එය මට මහත් ආඩම්බරයක් විණි. මගේ කේන්ද්‍රරයට අනුරූපීව සියල්ල සිදුවෙමින් පැවතිණි. සැවොම මා ප‍්‍රිය කරන්නටත් මගේ ගුණ ගයන්නටත් මැළිකමක් නොදැක් වූ බව මම දැන සිටියෙමි. විශේෂයෙන් ස්ත‍්‍රී පක්‍ෂයේ නෙතට මා රසඳුනක්ම වුව යැයි මට සිතේ.

 පුරෝහිත බමුණාගේ අනාවැකිය පරිදි මා රටේ බලවත්ම නිලයක් දරන නිලධරයා බවට පත් විය. එය දෙවැනි වූයේ රජකමට පමණි. චන්ද්‍රයාගේ බලපෑමෙන් මා හට ආකර්ශනීය රූමත් පෙණුමක් ලැබුණු අතර ආගිය තැන කොයි කාගේත් ගෞරවාදරයට පාත‍්‍රවීම නිතැතින්ම සිදුවිණි.

 මා හැමවිටම ජයග‍්‍රහණය හඹා යෑමට පුරුදුව සිටියෙමි. රාජකාරි නිසි ලෙස ඉටුකරමින් මහාදිකාරම් තනතුරේ ගෞරවය නිසිලෙස සුරැුකීමට මා සැම විටෙකම උත්සහ දැරූ අතර මගේ ජීවිතය රාජකීයන් වශයෙන් හා සුඛෝපභෝගි බවින් පුරවා ලීමට දිග්බල වූ පූර්ණ චන්ද්‍රයා මග බලාගත්තේ, සෙනහෙබර මවක් මෙන්ය. මගේ කටක ලග්න කේන්දරයේ දෙවැන්න වූ සිංහයේ, බුධ ග‍්‍රහයා සිකුරු සම`ග යෝගව සිටි බව මට මතකය. එම පිහිටීම හේතුවෙන් එම යුගයේ මා දක්‍ෂ කවියකු ලෙස ප‍්‍රසිද්ධියට පත් විය. මෙම බුධ සිකුරු (ශුක‍්‍ර* සංයෝගයෙන් උපන්නවුන් සියුම් දෙයට ප‍්‍රිය කරන්නා වූ තීක්ෂණ කල්පනාවෙන් යුත් කාටත් ගැලපෙන ගුණයෙන් සපිරුණ, ප‍්‍රියකතා ඇත්තකු වන බව පුරෝහිත බමුණුතෙම නොයෙක් වර මා සම`ග පවසා ඇත.

 දස්කොන් මහාදිකාරම වූ මා හට දැකුම් කළු රූපයක් මෙන්ම, මිහිරි කටහඬක්ද උපතින්ම දායාද වූයේ සිකුරු ග‍්‍රහයාගේ බලපෑම හේතුවෙනි. මම මධුර මනෝහර හඬින් කවී, ගී ගායනා කරන අවස්ථාවලදී සැවොම මගේ මියුරු හඬට වශී වූ අයුරු මට තාමත් මතකය. විශේෂයෙන් ස්ත‍්‍රී පක්‍ෂය මා වෙත ආකර්ෂණය වී ඇදී ආවේ මලක් වෙත සියඹා එන බඹර කැළක් මෙන් යැයි කිවහොත් එය මුසාවක් නොවේ.

 මා හට උපතින්ම දායාද වූ නිල්වන් ඇස් දෙකක් පිහිටා තිබිණි. එය මා වෙත සිකුරු ග‍්‍රහයා හරහා දෙවියන් එවන ලද අගනා ත්‍යාගයක් යැයි මට අනේක වාරයක් සිතිණි. මගේ ඇස් දෙකට මෙන්ම මගේ කටහඬට ද බොහෝ දෙනා ආකාර්ෂණය වූ අතර ප‍්‍රසන්න වූ මගේ කතාව නිසා ඉතා ඉක්මනින් මිතුදම් ඇරඹීමටද මට අවස්ථාව උදාවිණි. එය මා ලද මහ`ගු භාග්‍යයක්ම විය. මගේ කටක ලග්න කේන්දරයේ පස්වැන්න වූයේ වෘශ්චිකයයි. එහි අධිපතියා වන අ`ගහරු හෙවත් කුජ එකොළොස්වැන්න වූ වෘෂභයේ උපතින් තැන්පත්ව පිහිටා තිබිණි. එමගින් මා රජයට හෝ රජුට සම්බන්ධව කටයුතු කරන්නකු බවට හඳුන්වා දී ඇත. රජයේ රැුකියාවකට මා සතු නිස`ග උරුමය එමගින් ඉතා පැහැදිලි අයුරින් තහවුරු කරන ලදී. එම ග‍්‍රහ පිහිටීම තුළින් මගේ ජීවිතයේ පේ‍්‍රම සබඳතා පිළිබඳවද බොහෝ දේ ප‍්‍රකාශ කළ හැකි බව පුරෝහිත බමුණා දිනක් මා හා පැවසීය.

 රාහු අසුරේන්ද්‍රයා මගේ කේන්දරයේ පිහිටා තිබුණේ සත් වැන්නේය. සත්වැන්නේ සිටී රාහු, මා තුළ අධික කාම තෘෂ්ණාවක් හා කාම වේගයක් ඇතිකරවීමට පසුකාලීනව සමත් විය. ඇත්ත වශයෙන් ම මා එය පාලනය කර ගැන්මට කොතෙක් උත්සහගත්තද එය මා හට ඉතා අපහසු කාර්යයක් වූ බව නොකියා බැරිය.

 හත්වැන්න කේන්ද්‍රීය කරගනිමින් සෑදෙන කාම තී‍්‍රකෝණයට (3, 7, 11) අයත් හත්වැන්නේ රාහු තැන්පත් වීමෙන් මා පමණක් නොව, ඕනෑම අයෙකු කාමයේ වරදවා හැසිරීම සඳහා පොළඹවන බව පුරෝහිත බමුණාගේ පුස්කොළයක ලියා තිබෙනු මා දිනක් දුටුවෙමි.

 කාලය වේගයෙන් ගෙවී යන අතරේ, ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ හෙවත්, සිංහලයේ අන්තිම රජුගේ අග මෙහෙසිය වූ ප‍්‍රමිලාවන් මා කෙරෙහි මහත් උනන්දුවක් දක්වන්නට විය. ඇය ඉඩ ලද සෑම විටෙකම මා හා දොඩමළුවන්නට උත්සාහ දැරුවාය. එහෙත් මසිතේ වූයේ ඇය පිළිබඳ පැන නැගුණ ඉමහත් ගෞරවයකි.

 මුලදී මා ඇය මගහැර යන්නට බලවත් උත්සහයක් දැරුවෙමි. මගේ පුණ්‍යවත් මා මිත‍්‍ර මහරජුට ද්‍රෝහීවීමට මා කිසි විටෙකවත් නොසිතුවේ ඇයගෙන් හැකි තරම් ඈත්ව සිටීමට මා ගත් මෙහෙය පිළිබඳව දන්නේ මාත් උඩ ඉන්න දෙවියනුත් පමණි.

 එහෙත් සියල්ල සිදුවනුයේ දෛවෝපගත අයුරින්ය. අපට කෙතෙක් අවශ්‍යතාවය තිබුණද අපට ඕනෑ ආකාරයට දෛවය හැසිරවිය නොහැකිය. එසේ වුවා නම් මගේ මෙම ලිපිය කිසිදා ඔබ වෙනුවෙන් ලියවෙන්නේ නැත. වැඩි දිනක් ගත වන්නට මත්තෙන් මා හා ප‍්‍රමිලාවන් අතර අසම්මත වූ පේ‍්‍රමයක් හොර රහසේ දළුලා වැඩෙන්නට විය. ප‍්‍රමිලා වන්ගේ රාග මිශ‍්‍රීත නෙත් සගලේ ආරාධනයෙන් ගැලවී යන්නට මා නොගත් උත්සාහයක් නැත. එහෙත් පහන් දැල්ලට ලොබ වූ පළගැටියකු සේ මා තව තවත් ඇය වෙතටම ඇදීයන්නට වූයේ මටත් හොරාය. මේ සියල්ලටම වගකිව යුතු වන්නේ මගේ කේන්දරයේ හත්වැන්නේ පිහිටන ලද මෝඩ රාහුය. රාහු මගේ මනස විකෘති කළ අතර හොඳ නරක දැන ගැනීමේ මා සතු අයිතිය ද ඔහු මගෙන් පැහැර ගත්තේ සිත් පිත් නැති අයුරිණි. ඊට රුකුල් දුන්නේ හත්වැන්නාධිපතියා වූ සෙනසුරුය. පස්වැන්නා වූ වෘශ්චිකය තුළ සතුරු විලසින් ස්ථානගතව, මා තුළ අසංවර කාමුක සිතිවිලි උද්දීපනය කරවීමට කුජගේ රාශිගත සෙනසුරු තම දායකත්වය මනා ලෙස ප‍්‍රදානය කළ බව වැටහෙන විට මා ප‍්‍රමාද වූවා වැඩිය.

 දිනක් රජතුමා ගලේ නුවරින් පිටත රාජකාරියක් සඳහා ගිය අතරේ අපගේ පැතුම් සපලකර ගත හැකි අවස්ථාවක් උදාවිය. දෙවැන්නේ පිහිටි බුධ ග‍්‍රහයාගේ බලයෙන් මගේ කාව්‍යමය හැකියාවන් මටත් හොරා එළියට පැන ගත්තේ නොසිතූ ලෙසිනි.

 රන්මාලය පැළඳගෙන ඇත සුවි පුල්ලා
 ඉන් ආලය වඩයි මගේ සිත නුඹ පල්ලා
 පන් දහසකට මැද තිබුණත් උඩ එල්ලා
 රන් භාජනය නොවිදිද විදිනා ගුල්ලා

 මගේ මුවින් ගිලිහුණ එම පෙම් කවිය, මාලිගයේ ඉහළ මාලයේ සිටී ප‍්‍රමිලාවන්ගේ සවනට වැකුණි. ඇයගෙන් ද පෙරළා ක්ෂණික පිළිතුරක් ලැබුණේ මා නොසිතූ ලෙසටය.

 යන්නෝ මෙමග රූ දාවල් තොර වෙද්ද
 බොන්නෝ ගෙ`ග් දිය බොර කරලා බොද්ද
 දෙන්නෝ පහස ගෙට අඬගහලා දෙද්ද
 දන්නෝ උපා මිණි බැඳි දොර නාරිද්ද

 එතැන් පටන් අප දෙදෙනා කා හටත් හොර රහසින්, අසම්මත පේ‍්‍රමයේ පහස විඳින්නට පුරුදු වූයෙමු. මේ අතර ප‍්‍රමිලාවන් හදිසියේ රෝගාතුර වූවාය. ඒ සඳහා රජු බලියාගයක් සූදානම් කළ අතර ප‍්‍රමිලාවන්ගේ රුවක් ද ඒ සඳහා අඹන ලදී. මේ සියලූ කටයුතු නිල වශයෙන් රජු භාර දී තිබුණේ මා හටය. ශිල්පීන් විසින් අඹන ලද රූපයේ එක් අඩුවක් දුටු මා එය නිවැරදි කිරීමට මොහොතක්වත් ප‍්‍රමාද වූයේ නැත. එහෙත් එම නිවැරදි කිරීම මගේ ජීවිතයට මරු ළගා කරවයි කියා මට එදා මොහොතකටවත් සිතුනේ නැත.

 බලියාගයේ කටයුතු පිරික්සීමට පැමිණි නරේන්ද්‍රසිංහ රජුගේ මුහුණ ප‍්‍රමිලාවන්ගේ අඹන ලද රූපය දුටු විගසම අඳුරු වී යන ආකාරය මම පැහැදිලිව දුටුවෙමි. තම බිසවගේ කලවයේ ඇති උපන් ලපය පිළිබඳව තමා හැර වෙනත් අයකු දන්නේ කෙසේ දැයි රජුට ගැටලූවක් විය. රජතුමා මහත් සේ කෝපයට පත්ව බලි ඇදුරන්ගෙන් ඒ පිළිබඳව විමසන ලද්දේ දරාගත නොහැකි වේදනාවක් හද තුළ තෙරපාගනිමින් බව මට සිතිණි.

 බිසවගේ කලවයේ අඩුපාඩුවක්ව තිබූ උපන් ලපය තැබීමට අණ කරන ලද්දේ මා විසිනි. බලි ඇඳුරන් මර බියෙන් වෙව්ලමින් මහ රජුට ඒ බව පැවසූහ. එය සවනත වැකුණ රජු කෝපයෙන් වියරු වැටුණ අතර මගේ හිස ගසා දමන්නට එම මොහොතේම අණ දුන්නේය. තම ප‍්‍රාණයවන් මිතුරා වන මා, එවැනි දෝහී කමක් කරතැයි එතුමා කිසි දිනෙක නොසිතන්නට ඇත.

 මෙම සිදුවීම වනවිට මගේ වයස අවුරුදු 22 ක් පමණ විය. මා හට සෙනසුරු මහ දශාව ආරම්භ වූයේද එම දිනවල ය. සෙනසුරු කටක ලග්නයට හා එහි අධිපති චන්ද්‍රයාට දැඩි පීඩා ගෙන දෙන ග‍්‍රහයකු බව මා කල්තියා දැන සිටියෙමි. බුධ හා සිකුරු ද මගේ කටක ලග්නයට පාපයෝය.

 ආයුෂ ගැන කියැවෙන අටවැන්න වූ කුම්භය මගේ උත්පත්තියේදීම මාරක ග‍්‍රහයින්ගේ දෘෂ්ටියෙන් පීඩාවට පත්ව ඇත. මගේ කේන්දරයට ප‍්‍රබලතම අශුභයා වන 22 වැනි දෙර්කාණාධිපතියා වූ ගුරු ග‍්‍රහයා දොළොස්වැන්නේ සතුරුව දුර්වලව පිහිටා ඇත. එය පූරුවේ කළ පව්ඵල දෙන පිහිටීමක් බව මම දැනගත්තේ පසුවය.

 22 වැනි දෙර්කාණාධිපති ගුරුගේ මහ දශාවේ අවසන් අදියර වූ රාහු අන්තරයේදී මා හට මාරකය ක‍්‍රියාත්මක වූ බව නොරහසකි. ඒ සමගම යෙදුණු සෙනසුරු ජන්ම (චන්ද්‍ර) ඒරාශ්ටක අපලයේ බලපෑමද මගේ මරණයට ම`ග සාදා දුන්නේය. උපතින් හතර වැන්න වූ තුලාවේ පිහිටි චන්ද්‍රයාගෙන් දොළොස්වැන්න වූ කන්‍යාවට සෙනසුරු ගෝචරයෙන් පැමිණීම සිදු වූයේ 1714 ඔක්තෝබර් 19 වැනිදා බව මට මතක ඇත. 1715 ජනවාරි 23 වැනි දින වක‍්‍ර වූ සෙනසුරු සිංහයට ආපසු ගමනක යෙදුනේ මා හට සිදුවන්නට යන මහා විපත්තිය පිළිබඳව හාන්කවිසියක්වත් නොදැන විය හැක.

 1715 ජුනි 25 වැනි දින සෙනසුරු නැවතත් කන්‍යාවට පැමිණි අතර මා හට සෙනසුරු ඡුන්ම ඒරාශ්ටක අපලය එතැන් සිට උදාවිය. එය මගේ පළමු මෙන්ම අවසන් සෙනසුරු ඒරාශ්ටකය ද වීම දැරිය නොහැකි දුකකි. පූරුවේ කළ පවක් පල දුන්නා යැයි සිතා මා සිත සනසාගන්නට උත්සාහ කළමුත්, ප‍්‍රමිලාවන්ට නම් එය වාවා ගත නොහැකි දුකක්ම විය. දංගොඩිය වෙත මා කැඳවාගෙන යන අතරේ ඇය උඩුමහලේ සිට ගැයූ මෙම කවියෙන් ඒ බව මනාව පැහැදිලි විණි.

 සක්මන් කරන මළුවේදී බැඳි හාද
 සිත් සන් තොසින් දුන් මුව මී බී වාද
 ඉක්මන් ගමන් හිමි ඔබ අද යන අවාද
 දස්කොන් මගේ නමට ජීවිතෙ දෙන වාද

22 දෙර්කාණාධිපතිට බිල්ලක් වී  - අසම්මත පෙමට දිවිදුන් දස්කොන් අධිකාරමගෙන් නැකතට ලියුමක්


පාරම්පරික ජ්‍යොතිෂවේදී
 දිවුලපිටියේ ඩග්ලස් ගුණවර්ධන
 0776283097

advertistmentadvertistment
advertistmentadvertistment