තවත් කොවිඩ් රෝගීහු 7 දෙනෙක්

105

කොවිඩ් – 19 රෝගීන් හත්දෙනකු (07) පෙරේදා (26දා) දිනය තුළ වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (27දා) නිවේදනය කළේය.

දීර්ඝ කාලයකට පසු මෙරටින් යළිත් කොවිඩ් – 19 රෝගීන් වාර්තා වීමට පටන්ගෙන ඇති අතර ඉකුත් 25දා ද රෝගීන් සිව්දෙනකු වාර්තා විය.

වසරකට වැඩි කාලයක් කොවිඩ් – 19 රෝගීන් මෙරටින් වාර්තා නොවීම තුළ මුව ආවරණ පැළඳීම, දෑත් සේදීම ආදී යහපත් සෞඛ්‍ය පුරුදු බොහෝ දෙනෙකු විසින් නොසලකා හැර තිබුණු අතර නැවතත් කොවිඩ් රෝගීන් වාර්තාවීම ආරම්භ වී ඇති නිසා යළි නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට ජනතාව උනන්දු විය යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment