පැරණි මස්කෙළිය නගරයේ සිද්ධස්ථාන නටබුන් මාවුස්සාකැලේ ජලාශයෙන් මතු වෙයි

44

මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර ජලාශ පිහිටි පෝෂක ප්‍රදේශවලට මාසයකට වැඩි කාලයක් තිස්සේ පවතින දැඩි වියලි කාලගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත බසිමින් පවතී.

ජාතික ජල විදුලිබල මණ්ඩලයට අයත්, මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම (19දා) පෙ.ව. 06.00 වන විට පිටාර මට්ටමේ සිට පිළිවෙලින් අඩි 26 ක් සහ 24 ක් වශයෙන් පැවති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.

මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත බැසීමත් සමග එම ජලාශයට යටව තිබූ පැරණි මස්කෙළිය නගරයේ පිහිටි සර්ව ආගමික සිද්ධස්ථාන අතරින් ශ්‍රී කදිරේෂන් හින්දු කෝවිලේ ඉහළ කොටස නැවත මතුවී ඇති අයුරු මේ දිනවල දැක ගත හැකිය. ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයට අයත්, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර හා බෝඩ්ලණ්ඩ් යන විදුලිබලාගාර 06 විදුලිය උත්පාදනය සඳහා ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි.

මස්කෙළිය – ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක

advertistmentadvertistment
advertistmentadvertistment