ගෞරවය බේරා ගැනීමේ සටන අද

198

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් සහ තෙවැනි තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (23 දා) ප. ව. 3.00 ට ආරම්භ වේ.
 
 දෙරට අතර පැවති තරගාවලියේ පළමු සහ දෙවැනි තරග දෙකෙන් ඉන්දියාව කඩුලූ 7ක් හා කඩුලූ 3ක්් ලෙස පිළිවෙළින් ජයගත් අතර අද තරගයෙන් ද ශ‍්‍රී ලංකාව පරාජය වුවහොත් ඉන්දියාවට 3-0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයග‍්‍රහණයක් උරුම වේ.
 
 පසුගිය 20 වැනිදා පැවැති දෙවැනි තරගයෙන් පරාජයට පත්වීමත් සමඟ ශ‍්‍රී ලංකාව එක දිගට ලැබූ 5 වැනි එක්දින තරගාවලි පරාජය බවට එය පත් වූ අතර, එසේම ශ‍්‍රී ලංකාව ඉන්දියාව හමුවේ එකදිගට ලත් 9 වැනි එක්දින තරගාවලි පරාජය බවට එය පත්විය. අද තරගයෙන් ද පරාජයට පත්වුවහොත් එක දිගට ලබන දෙවැනි පූර්ණ තරගාවලි පරාජය බවට එය පත්වේ. ශ‍්‍රී ලංකාව මීට පෙර එංගලන්තයට එරෙහිව පැවති එක්දින තරගාවලියෙන් 3-0 ක් ලෙස පරාජය ලැබීය.
 
 දෙවැනි එක්දින තරගයේදී ශ‍්‍රී ලංකාව ජය පෙනෙන මානයට පැමිණ පරාජයට පත් වූ අතර එම පරාජය පිළිබඳව ක‍්‍රීඩා ලෝලීන්ගේ බලවත් විරෝධය පළවූයේ පන්දු යවන්නන් මෙහෙයවීමේ දුර්වල තීරණ හමුවේ ඉන්දියාවට ජයගන්නට අවස්ථාව උදා වූ බව ප‍්‍රකාශ කරමිනි.
 
 කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයට වඩා දෙවැනි තරගයේදී හොඳින් දස්කම් පෙන්නුම් කළ අතර තරගයේ අවසානය වන තෙක්ම ඉන්දීය ක‍්‍රීඩකයන්ගේ නළල රැුළිගස්වන තරමේ තරගයක් ලබාදීමට ශ‍්‍රී ලංකාව සමත් විය.
 
 ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෂිකර් දවාන් විසින් මෙහෙයවන අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම තුන් ඉරියව් ක‍්‍රීඩක දසුන් ශානක විසින් මෙහෙයවනු ලබයි.
 
– කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment