මුදලිගේ ගැන කතා කළාට – මාව මරන්න හදනවා

478

මට කරදරයක් වුණොත් වගඋත්තරකරුවෙක් නැති වෙනවා

වන්නිලා ඇත්තෝ කියයි

“මම පසුගිය දවස්වල වසන්ත මුදලිගේ ගැන කතා කළා. ඒ කතා කරපු එකට දැන් මට නිර්නාමික මරණ තර්ජන ලියවිල්ලකින් ඇවිල්ලා” යැයි ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් දඹාන කොටබකිනිය ගම්මානයේදී ඊයේ (10දා) ප්‍රකාශ කළේය.

“මේ ගමේ ජීවත් වෙන වසන්ත මුදලිගේ පමණක් නෙවෙයි වෙනත් ඕනෑම සිංහල දෙමළ කෙනෙකුට ප්‍රශ්නයක් ආවොත් මම හොයලා බලන්න ඕනි. ඉතින් මම පහුඟිය දවස්වල මේ වසන්ත මුදලිගේ ගැන කතා කරා. ඉතින් ඒ කතා කරපු එකට ප්‍රතිඵලයක් හැටියට දැන් මට නිර්නාමික ලියවිල්ලකින් මරණ තර්ජන ඇවිල්ල තියෙනවා.

මේ ළඟදි මට ලැබිච්ච නිර්නාමික ලිපිය පිළිබඳව ගොඩ දෙනෙක් මගෙන් අහනවා. මොකක්ද මේ පිළිබඳව ගත්ත ක්‍රියාමාර්ගය කියලා. මම මේ රටේ ඉන්න බලධාරීන්ට කියනවා, මේ වගේ කරන වැඩ කරන අය පිළිබඳව විමර්ශනය කරන්න කියලා. මෙහෙම කරන්න මොකක්ද හේතුව? මොකක්ද කාරණය කියලා හොයන්න කියලා.

මම ගෙදරටම වෙලා ඉන්න නායකයෙක් නෙවෙයි. මේ රටේ ආණ්ඩුවේ තියෙන උත්සවවලටත් මම යනවා. වෙනත් ඒවටත් මම යනවා. පන්සල්වලටත් මම යනවා. හැමතැනම මම යනවා. හැබැයි මේ යන කොයි තැනකදි හරි මට කරදරයක් වුණොත් කවුරුත් මෙතෙන්ට වගඋත්තරකරුවෙක් නැති වෙනවා.” යැයි ද වන්නිලා ඇත්තන් කියා සිටියේය.

මහියංගණ – රංජිත් කරුණාවිර
 

advertistmentadvertistment
advertistmentadvertistment