කතුන්ගේ අඟපසඟ හොරෙන් බැලීමට – කලිසමේ කැමරාවක්  සවි කරගෙන සිටි කොන්දොස්තර මාට්ටු

3406

රහසිගත කැමරාව ඩෙනිම් කලිසමේ පැළඳ තිබූ අයුරු.

පිටබැද්දර පොලිසියේ නිලධාරීන් පිරිසක් පසුගිය 09දා සියඹලාගොඩ මාර්ගයේ මුර සංචාරයේ යෙදෙන අතරතුර කාන්තාවන්ගේ රහස්‍ය අඟපසඟ බැලීමට යොදා ගන්නා රු. ලක්ෂ 10ක් පමණ වටිනා යාන්ත්‍රික කැමරාවක්, පවර්බෑන්ක් එකක්, මෙමරි කාඩ්, බ්ලූටූත් මගින් නරඹන විශේෂ ජංගම දුරකථනයක්, ඩෙනිම් කලිසමක් සහ මුදලින් රුපියල් 1,91,000ක් සමග 36 හැවිරිදි බස් කොන්දොස්තරවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.

අමතර පන්ති යමින් සිටි සිසුවියන් සමීපයේ හැසිරෙන මෙම පුද්ගලයා ගැන සැකසිතී පරීක්ෂා කිරීමේදී ඇඳ සිටි ඩෙනිම් කලිසමේ පහළටම වන්නට විශේෂ යමක් දුටු පොලිස් නිලධාරීන් ඔහුගේ කලිසමේ සාක්කු පරීක්ෂා කොට ඇත. එහිදී පවර්බෑන්ක් එකට සම්බන්ධ ඩේටා කේබල් පද්ධතිය කලිසමේ අභ්‍යන්තරයට සම්බන්ධ බව දැක පොලිසියට රැගෙන විත් පරීක්ෂා කිරීමේදී කැමරාවේ රහසිගතව සටහන් වන රූපරාමු බ්ලූටූත් හරහා නැරඹිය හැකි විදේශයකින් ගෙන්වූ විශේෂ වටිනා ජංගම දුරකථන ස්කෑනරයක් ඇතුළු උපකරණ ඩෙනිම් කලිසමද සමග අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර විමර්ශනවලදී මුදල් ඔට්ටුවට බූරු සෙල්ලම් කරන යහමින් මුදල් ගැවසෙන දකුණේ සූදු පොළවල් සොයා ගොස් සිය පාදාන්තයේ ඇති කැමරාවට දිනනා කොළය හසු කරගෙන මිතුරකු ජංගම දුරකථනයෙන් බලා නිවැරදිම කොළය බව කියා වංචාවෙන් විශාල මුදලක් රැස් කරගෙන ඇති බව ද, එසේ ඉපයූ බව කියන රු.1,91,000ක මුදලක්ද සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇත.

මෙම උපකරණ සියල්ලම අධිකරණය හරහා රස පරීක්ෂක වෙත යැවීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් උපදෙස් පැතීමට පොලිසිය කටයුතු කරයි. සැකකරු උපකරණ සමග ඊයේ (10දා) මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

පිටබැද්දර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග ජයතුංග මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.

අකුරැස්ස – සමන් උපුල් පිනිදිය

advertistmentadvertistment
advertistmentadvertistment