වැටුප් වැඩි කර ගැනීම මහ බැංකුවට කළු පැල්ලමක් – රංජිත් සියඹලාපිටිය

105

නීතිමය වශයෙන් කුමන අයිතිවාසිකම් තිබුණත් මෙවර විශාල පරිමාණයෙන් තමන්ගේ වැටුප වැඩි කර ගැනීමට මහ බැංකුව කටයුතු කිරීම පොදු සමාජය තුළ පමණක් නොව, ආණ්ඩු පක්ෂයේ විවිධ පාර්ශ්වයන් අතරත් දැඩි විරෝධයක් ගොඩනැඟී ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ජනාධිපතිවරයාට කියා ඇත.

රටේ ප්‍රධාන ආර්ථික උපදේශකවරයා ලෙස කටයුතු කිරීම හා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ වෑයමේ ප්‍රධාන පාර්ශ්වකරුවා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා මහ බැංකුව මෙම වැටුප් වැඩිකර ගැනීමේ සිද්ධිය මුල් කරගෙන බරපතල අපකීර්තියකට පත්ව ඇති බව ඇමැතිවරයා කියයි. එය මෙතෙක් කල් මහ බැංකුව රටේ පොදු ජනතාව ඉදිරියේ අත්පත් කරගෙන තිබූ කීර්ති නාමයට ද ලොකු කැළලක් බව ඇමැතිවරයා ජනාධිපතිවරයාට කියා තිබේ. වර්තමාන ආර්ථික සංකූලතා තුළ ශ්‍රී ලංකාවේ මහ බැංකුව මූණපාමින් සිටින ප්‍රායෝගික ගැටලු කෙසේ වුවත් මෙම වැටුප් වැඩි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රටේ විධායක ජනාධිපතිවරයා හා මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා සාධාරණ විසඳුමක් ලබා දෙනු ඇතැයි කියා ජනතාව අපේක්ෂා කරන බවද ඇමැතිවරයා පවසා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment