පොලිස් කොමිසමට දුක්ගන්නාරාළ බලතල

102

පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් පහළ නිලධාරීන්ට සිදුවූ අසාධාරණකම් සහ පළිගැනීම් සම්බන්ධව විමර්ශනය කිරීමට ජාතික පොලිස් කොමිසමට ‘දුක්ගන්නාරාළ’ බලතල හිමිව ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය ඉකුත් අගෝස්තු මස 16 වැනිදා නිකුත් කළ බව පොලිස් කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

අංක 2345/45 දරන අදාළ ගැසට් නිවේදනයට අනුව මින් ඉදිරියට පොලිස් දෙපාර්තමේන්තුවේ සිදුවන පළිගැනීම් සහ අසාධාරණකම් මාස 06ක් ඇතුළත ජාතික පොලිස් කොමිසම වෙත දිවුරුම් ප්‍රකාශයක් මගින් එවිය හැකිය.

මාස 06ක් ඇතුළත එවීමට නොහැකි නම් ඒ සම්බන්ධව පිළිගත හැකි හේතු ඉදිරිපත් කළ යුතුවේ.

දැනට රාජ්‍ය සේවා කොමිසම වෙත යවා ඇති පැමිණිලි ද ජාතික පොලිස් කොමිසම වෙත එවා ඇතැයි ද එම පැමිණිලි ද ඉදිරියේදී විභාග කරන බව ජාතික පොලිස් කොමිසම සඳහන් කරයි.

මෙවැනි පැමිණිලි සහිත ලිපි ගොනු විශාල ප්‍රමාණයක් ලැබී ඇතැයි ද පොලිස් කොමිසමේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment