ජාත්‍යන්තර මාධ්‍ය සංසදය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියන් සිව්දෙනෙකු ඇගයුමට ලක් කරයි

66

ජත්‍යන්තර මාධ්‍ය සංසදය (ශ්‍රී ලංකා) විසින් සංවිධානය කරන ලද “ලොව දිනන ඇය” ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී අතිසාර්ථක අන්දමින් පැවැත්විණි.

එහිදී එදා කථාවෙන් මෙන්ම ලේඛන කලාවෙන් මුළු රටේම ශ්‍රාවකයා මෙන්ම පාඨකයා අවදි කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිවේදිකාවන්ද වන සුමනා නෙල්ලම්පිටිය, සුමනා ජයතිලක, දයා ද අල්විස්, ජ්‍යෙෂ්ඨ පුවත්පත් මාධ්‍යවේදිනී කරුණා පෙරේරා යන මහත්මීන් හට සම්මාන පිරිනැමීය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම, ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සභාපති හඩ්සන් සමරසිංහ, ජාත්‍යන්තර මාධ්‍ය සංසදයේ සභාපතිනි සුධර්මා කුලතුංග යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

ඡායාරූපය – නිශාන්ත එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment