කූට ව්‍යාපාරිකයෝත් මහ බැංකු ලාංඡනය ගහගෙන

48

විවිධ වංචනික පුද්ගලයන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය යොදාගෙන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කූට ව්‍යාපාර ක්‍රියාත්මක කරමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එම කිසිදු ව්‍යාපාරයකට ශ්‍රී ලංකා මහ බැංකුවේ කිසිදු සම්බන්ධයක් නැති බවද මහ බැංකුව අවධාරණය කරයි.

සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ කූට ව්‍යාපාර ක්‍රියාත්මක කරන්නන් ඒවාට ශ්‍රී ලංකා මහ බැංකුවේ සම්බන්ධයක් ඇති බවට ඇඟවෙන ආකාරයට එම දැන්වීම් හා ප්‍රචාරයන් සිදුකරන බවට මහ බැංකුවට තොරතුරු ලැබී තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment