පෙට්‍රල් නැවක් එයි

157

පෙට්‍රල් මෙට්‍රික් ටොන් තිස්පන්දහසක් රැගත් නැවක් ඊයේ (11 දා) රාත්‍රී පැමණීමට නියමිතව තිබුණු බව බලශක්ති අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් පැවසීය.

මීට අමතරව බොරතෙල් මෙට්‍රික් ටොන් අනූදහසක් අඩංගු නැවක් ලබන සෙනසුරාදා (13දා) මෙරටට පැමිණීමට නියමිත බවත් මෙට්‍රික් ටොන් තිස්හත්දහස් පන්සියයක් අඩංගු ඩීසල් නැවක් ලබන 19 දා හෝ 20 දා ‘දිවයින’ට පැමිණීමට නියමිත බවත් ඔහු කීය. දැනට මේ ඩීසල් සහ පෙට්‍රල් දින කිහිපයකට අවශ්‍ය ප්‍රමාණය පවතින බවත්, ‘කිව් ආර්’ ක්‍රමයට ඉන්ධන ලබාදීම සිදුකරන නිසා ඩීසල්, පෙට්‍රල් නැව් පැමිණෙන තෙක් එම ප්‍රමාණය රටේ අවශ්‍යතාවට ප්‍රමාණවත් බවත් එම නිලධාරියා කීය. බොරතෙල් නැව පැමිණීමෙන් පසු භූමිතෙල්, නැප්තා සහ ගුවන් යානා ඉන්ධන නිපදවා බෙදා හැරීම් සිදුකිරීමේ හැකියාව පවතින බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment