ආණ්ඩුව අධිකරණයේ පෞරුෂය හෑල්ලු කරනවා: විපක්‍ෂයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

41

අධිකරණයේ ගෞරවය හා පෞරුෂය හෑල්ලුවට ලක්කිරීමට ආණ්ඩුව ප්‍රයත්න දරන බව කියමින් ඊට එරෙහිව විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ඒකාබද්ධ ප්‍රකාශයකට 22 දා අත්සන් තැබූහ.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී එම ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබීම සඳහා සමගි ජන බලවේගය, නිදහස් ජනතා සන්ධානය, ජාතික ජන බලවේගය හා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරු එක්වූහ.

නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ඉතිහාසයේ පෙර නොවූ විරූ අර්බුදයකට මේ වන විටත් රට මුහුණ දී සිටින බවත් එවැනි තත්ත්වයකට එරෙහිව ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් පවසමින් මෙම ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබීම සිදු කෙරිණි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment