සුනිල් අයියා නැතිවෙලා අවුරුද්දයි – ජිප්සීස්

5121

මේක  ශ්‍රී ලංකාවේ ක්ලැසික්  නයිට් එකක් – චිත්‍රාල් සෝමපාල
අපි ප්ලේ කරද්දී කම්මැලිකමේ ඉන්න බෑ – පියල් පෙරේරා

විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා
කාටත් මතකයි සිදුවෙච්ච දේ එදා
දුර බින්තැන්නේ වැදි ගමකටත් ඇවිල්ලා
මහ කැලයේ වැද්දන් දැක ගත්තා
වැන්දන් ඇවිඳින් අප සැම පිළිගත්තා ප්‍රීතියෙන්
ඕයේ ඔජායේ ඕයේ ඔජායේ…///

සුනිල් අයියා නැතිවෙලා අවුරුද්දයි - ජිප්සීස්

මීට දශක ගණනාවකට ඉහත දී සුනිල් පෙරේරා ගේ හඬින් ජිප්සීස් සංගීත කණ්ඩායමේ වාදනයෙන් ඇසුණ මේ ගීතය අදටත් අපේ හදවත්වල රැව්පිළි රැව් දෙනවා. ජිප්සීස්හි සුනිල් අයියා නැති වුණත් ඒ අඩුව කොහොම හරි පුරවාගෙන  ඔහුගේ සහෝදරයා පියල් පෙරේරා මේ වැඩේ ඇදගෙන යන්න ලොකු මහන්සියක් ගන්නවා. අද අපි ඔයාලට කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. ඔන්න ජිප්සීස්ලා ආපහු ඔජායේ රාත්‍රියක් ඉදිරිපත් කරන්නයි යන්නේ. මේ වැඩේට ජිප්සීස් එක්ක පී.එල්.ඒ. සෝමපාලගේ පුත් චිත්‍රාල් සෝමපාලත් එකතු වෙනවා. ජිප්සීස් ඔජායේ රාත්‍රියට චිත්‍රාල් විතරක් නෙමෙයි ඩී. ජේ. රනිල් පවා සම්බන්ධ වෙනවා. කථනයෙන් රෝයි ද අල්විස් වේදිකාව වර්ණවත් කරනවා. බ්‍රදර්ස්ලා සාඩම්බරයෙන් ඉදිරිපත් කරන ඔජායේ රාත්‍රිය ලබන 23 වැනිදා කඳාන වාසනා නේචර් රිසෝරට්හි තමයි පැවැත්වෙන්නේ.

සුනිල් අයියා නැතිවෙලා අවුරුද්දයි - ජිප්සීස්

දිගු කලකට පසුව ඔයාල ඉදිරිපත් කරන ජිප්සීස් ඔජායේ රාත්‍රිය මොන වගේ එක්ද? ජිප්සීස් සුනිල් නැතිව ඔජායේ රාත්‍රියක් ඔයාලට තිලිණ කරන්න පුළුවන්ද? එහෙනම් ඒ කොහොමද? පියල් ඒ ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

සුනිල් අයියා නැතිවෙලා මේ සැප්තැම්බර් 6 වැනිදාට අවුරුද්දයි. ඒ වගේම සුනිල් අයියගේ උපන් දිනයත් යෙදෙන්නේ පසුගිය සැප්තැම්බර් 14 වැනිදා ට. ඒ වෙනුවෙන් අපි සුනිල් අයියේ කියලා ගීතයක් නිර්මාණය කළා.

සුනිල් අයියා නැතිවෙලා අවුරුද්දයි - ජිප්සීස්

ඇත්තට ම මේක ප්‍රසංගයක්ම විතරක් නෙමෙයි. පවුල් පිටින් ඇවිල්ලා විනෝද වෙන්න පුළුවන් අවස්ථාවක්. අපි ජිප්සීස් ගීත රැසක් මේ රාත්‍රියේ ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. සුනිල් අයියා නැතිව ඔජායේ නයිට් එකක් කරනවා කියන්නේ ලොකු භියෝගයක්. නමුත් අපි බෑන්ඩ් එකක් විදිහට ඇවිත් තියෙන දුර ගැන සන්තෝසය. මේක ඇත්තට ම වෙනස්ම රාත්‍රියක්. දැන් අපි යන්නේ වෙනම මාර්ගයක.

අනික මේක කොන්සර්ට් එකක්ම නෙවෙයි. මේක ඇවිත් අපේ රසික රසිකාවියන්ට කාල බීලා විනෝද වෙලා නටලා යන්න පුළුන් රාත්‍රියක්. එදාට අපි ලුණු දෙහි” ඔජායේ” සයිමා කට්වෙලා” ගිනි අඟුරු ගොඩේ” තාත්තා මට ඇනපු ටොක්ක” ඔබ දුටු මුල් දිනේ” ලස්සන ලෝකේ” පෙම් ලොවේ” ලතා නෝ කතා” ලොරොන්සෝද අල්මේදා වැනි ජිප්සීස් ගීත රැසක් මෙහිදී ගායනා කරනවා.

සුනිල් අයියා නැතිවෙලා අවුරුද්දයි - ජිප්සීස්

මේක ඇත්තට ම සංවිධානය කරන්නේ බ්‍රදර්ස් වෙනුවෙන් ලහිරු සහ ඉරේජ් ජයංග ඩයස්. ඔවුන්ගේ පළමු පියවර තමයි මේ කඳාන නේචර් රිසෝර්ට් එකෙන් 23 වැනිදාට ආරම්භ වෙන්නේ. මෙය අතිශය සාර්ථක වුණොත් ඔවුන් නුවර” ගාල්ල” මාතර” කොළඹ වැනි තදාසන්න නගරවල කරන්නත් අදහසක් තියෙනවා. බ්‍රදර්ස්ලා මේක රට වටා ගෙනියන්න සංවිධානය කළොත් අපිත් උපරිම සහයෝගය දෙනවා. ඔජායේ නයිට් එකට හොඳට ලෑස්ති වෙලා එන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ජිප්සීස් ප්ලේ කරද්දී කම්මැලි කමේ ඉන්න බැහැ. හොඳට නටන්න පුළුවන් එදාට අපිත් එක්ක සෙල්ෆි ගහන්න. කතාබහ කරන්න” පින්තූර ගන්නත් පුළුවන්. ඇත්තට ම ජිප්සීස් කොන්සර්ට් එකක් නෙමෙයි මේක විනෝද වෙන්න පුළුවන් රාත්‍රියක්. පැහැදිලිව ම රසිකයන්ට අපි වෙනස්ම අත්දැකීමක් ලබාදෙනවා. එදාට අපි නැති වුණ සුනිල් අයියා වෙනුවෙන් නිර්මාණය කළ ගීතයත් ගායනා කරන්න සූදානම් වෙනවා.

ඔජායේ රාත්‍රියට  සහභාගී වෙන අනෙක් තරුව තමයි පී.එල්.ඒ. සෝමපාල සහ චිත්‍රා සෝමපාලගේ පුත් චිත්‍රාල් සෝමපාල. ඔහු ජිප්සීස් එක්ක එකතුවෙලා කරන්න හදන්නේ මොනවද කියලත් රසිකයන්ට කියන්න අපි ඔහුට කතා කළා.

ජිප්සීස් කියන සංගීත කණ්ඩායම දන්නේ මම චූටි කාලේ ඉඳලා. මගේ ලොකු ම අයියගේ පන්තියේ තමයි සුනිල් අයියා හිටියේ. අපි හුඟක් කල් ඔවුන් සමග වැඩ කරලා තියෙනවා. ජිප්සීස් එක්ක ගීත ගායනා කරන්න මටත් අවස්ථාවක් ලබාදීම ගැනත් මම ඇත්තට ම සතුටු වෙනවා.

මම ජිප්සීස් එක්ක සෑහෙන ප්ලේ කරලා තියෙනවා. නමුත් මේක මට සුවිශේෂී අවස්ථාවක්. මේක ජිප්සීස් ඔජායේ නයිට් එකනේ. අනික මට ෂුවර් කරන්න පුළුවන් හොඳ බෑන්ඩ් එකක් තමයි ජිප්සීස් කියන්නේ.

මම එදාට මගේ ගීත සියයට පනහයි මගේ දෙමාවුපියන්ගේ ගීතවලින් සියයට පනහයි තමයි ගායනා කරන්නේ. මෙය සංවිධානය කරන බ්‍රදර්ස් කණ්ඩායමේ ඉරේෂ් සහ ලහිරු කිව්වෙත් මේක ෆැමිලි නයිට් එකක්. මේ ෆැමිලි නයිට් එකට ඔයාගේ අම්මාගේ තාත්තාගේ ගීත සෑහෙන වටිනවා කියලා.

අපේ අම්මා තාත්තා රට ගැන ගායනා කරපු දේශාභිමානී ගීත මම මෙහිදී ගායනා කරන්න උත්සාහ කරනවා. විශේෂයෙන් දඹුළු ගලේ” ගාලු පුරේ” ලලිත කලා ගීත වගේම නදී ගංගා” මිරිඟුව පරදා” මට ආදරෙයි ගීතත් මෙහිදී මම ගායනා කරනවා. මේ තියෙන වාතාවරණයත් එක්ක අපේ රටේ මිනිස්සු ඉන්නේ මාර තරහකින්. හැම මනුස්සයෙක්ම කියන්නේ මම කොහොම හරි ලංකාව දාලා යනවා කියලා. නමුත් මම කියන්නේ එහෙම නෙමෙයි අපි හැම දේකට ම මුහුණ දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕනා. කොච්චර කිව්වත් මේක අප් මවු බිම.

පසුගිය කාලයේ සරත් කොතලාවල නිෂ්පාදනය කරපු පෝලිමේ ගීතයත් අපි මෙහිදී ගායනා කරන්න සූදානම් කරලයි තියෙන්නේ. පෝලිමේ ගීතයට ලැබෙන ප්‍රතිචාර සුපිරි. කතා කරලා වැඩක් නැහැ ඔක්කොටම නැඟලා ගිහිල්ලා මම ඕනෑම දේකට හිට් වෙනවා. තම්බපණ්ණි කියලා මගේ අලුත්ම ගීතයක් ළඟදීම නිකුත් වෙනවා. පද රචනය සාරංග කාංචනගේ.

මට කියන්න තියෙන්නේ ඔජායේ නයිට් එකට එන්න. හොඳ ෆන් එකක් අරගෙන අපිත් එක්ක කතාබහ කරලා විනෝද වෙලා යන්න කියලා. එදාට අපිත් එක්ක කතා බහ කරනවාට අමතරව සෙල්ෆි ගහන්න” ෆොටෝ ගහන්න” සමරු අත්සන් කරන්නත් පුළුවන්. මිස් කරන්න එපා. ඔජායේ නයිට් කියන්නේ ක්ලැසික් ශ්‍රී ලංකන් නයිට් එකක්. තවත් ෂෝ එකක් නෙමෙයි.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment