ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව හෙට සහ අනිද්දා ජිනීවාහිදී සමාලෝචනයට

51

ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී මාර්තු 8 සහ 9 යන දිනවල පැවැත්වෙන සිවිල් සහ දේශපාලන හිමිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය යටතේ ශ්‍රී ලංකාව ගැන වූ 6 වැනි වාරික සමාලෝචනය සිදුවේ.

රටවල් 173 ක් මේ සම්මුතියට එකඟ වී ඇති අතර ශ්‍රී ලංකාව සිය 6 වැනි වාර්තාව මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කර තිබේ.

ජිනීවාහි ශ්‍රී ලංකා තානාපතිනි හිමාලි අරුණතිලක මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් කොළඹ සිට අන්තර්ජාලය ඔස්සේ ජිනීවා සමාලෝචන සමුළුවට සහභාගි වෙති.

ශ්‍රී ලංකාව මේ වන විට සමාලෝචන සමුළු 5 කට සහභාගි වී ඇත.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment