දන්සලට පෙර නින්දට ගිය දෙදෙනෙක් මරුට

179

විදුලි ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කර නින්දට ගිය පුපුරැස්ස නෙස්ටා ජනපදයේ පදිංචිව සිටි පියෙකු සහ පුතෙකු අද අලුයම ජීවිතක්ෂයට පත්වී ඇති බව පුපුරැස්ස පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පුපුරැස්ස නෙස්ටා ජනපදයේ පදිංචිව සිටි සනත් රෝහණ නම් 40 හැවිරිදි අයෙක් සහ ගගණ මධුසංඛ නමැති 17 හැවිරිදි අයෙකි.

ජීවිතක්ෂයට පත්වූ දෙදෙනා වෙසක් සැමරුම වෙනුවෙන් අද දිනයේ පුපුරැස්ස නගරයේ බත් දන්සැලක් පැවැත්වීමට සූදානමින් සිට ඇත.

ඊයේහදිසියේ ප්‍රදේශයේ විදුලි බලය ඇණහිටීම හේතුවෙන් කාමරයක් තුළ විදුලි ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කර දෙදෙනා නින්දට ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment